Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩාවේ වර්තමාන දෙවියන් ලෙසින් සැලකෙන සචින් තෙන්ඩුල්කාර්ටත් කොරෝනා වයිරසය අසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔහු රෝගයේ මෘදු රෝග ලක්ෂණ සහිතව මුම්බායි හි සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බවද ප්‍රංශ ප්‍රවෘත්ති සේවය (ඒ.එෆ්.පී.) වාර්තා කරයි.
තමන්ට කොරෝනා රෝගය වැළඳී ඇති බව සචින් තෙන්ඩුල්කාර් විසින්ම සමාජ මාධ්‍ය ඔස්සේ තහවුරු කර තිබේ.
“කොරෝනා වයිරසය අසාදනය වීම සම්බන්ධයෙන් මමම ගිහින් පරීක්‍ෂණයක් කරගත්තා. ඒ සම්බන්ධ සියලුම නිර්දේශ පිළිපදිමින් පූර්වාරක්‍ෂක ක්‍රියා අනුගමනය කරමින් කොවිඩ්-19 වයිරසය ඈත්කර තබාගැනීමට මා පියවර ගන්නවා” යනුවෙන් ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
සචින්ට කොරෝනා වයිරසය අසාදනය වී ඇති නමුත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එය වැළඳී නැති බව පරීක්‍ෂණ වලින් තහවුරු වී තිබේ. සචින්ගේ පුතණුවන් වන අර්ජුන් තෙන්ඩුල්කාර් මීළඟ අයි.පී.එල්. තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කිරීමට සූදානමින් සිටී.
මේ වන විට 47 හැවිරිදි වියේ පසුවන තෙන්ඩුල්කාර්, මෑතකදී ඉන්දියානු ලෙජන්ඩ්ස් කණ්ඩායමට නායකත්වය දෙමින් විස්සයි-20 තරගාවලියේ ශූරතාව ඉන්දියාවට දිනා දුන්නේය. මෙම තරගාවලියේ අවසන් මහ තරගය පැවතියේ ශ්‍රී ලංකාවට එරෙහිවය.
ටෙස්ට් සහ එක්දින තරග දෙකෙහිම වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා ලෙසින් ලෝක වාර්තාව පිහිටුවා සිටින තෙන්ඩුල්කාර් ටෙස්ට් 200 කට ක්‍රීඩා කිරීමෙන් පසු 2013 දී විශ්‍රාම ගත්තේය. ඔහු ඒ වන විට ටෙස්ට් ලකුණු 15,921 ක් රැස් කර තිබිණ.
එක්දින තරග 463 කට ක්‍රීඩා කර ඇති තෙන්ඩුල්කාර්, ඒවායේදී ලකුණු 18,426 ක් ලබා ගෙන ඇති අතර ටෙස්ට් සහ එක්දින ආකෘතීන් දෙකෙන්ම ශතක 100 ක් රැස් කළ ලෝකයේ එකම ක්‍රීඩකයායි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.