Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව පත්කිරීම බෝලය පාස් කිරීමේ සෙල්ලමක් බවට පත්වී තිබේ. සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේත්, ජාතික ක්‍රීඩා පනතේ සඳහන් වන්නේත් ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉදිරිපත් කරනු ලබන නාම යෝජනා ක්‍රීඩා ඇමතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඇමතිවරයා විසින් ජාතික තේරීම් කමිටුව පත්කිරීමයි.
ක්‍රීඩා පනතේ එසේ සඳහන් වන නමුත් දැන් උදාවී ඇති තත්ත්වය වන්නේ තමන් වෙත එන නාම යෝජනා ක්‍රීඩා ඇමතිවරයා විසින් ජාතික තේරීම් කමිටුවටත්, එතැනින් නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත්, වරෙක ජාතික ක්‍රීඩා සභාවටත්, නැවත වරක් ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්කරන ලද අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් කමිටුවටත් යැවෙමින් පැවතීමයි.
මෙම තත්තවය හේතුවෙන් ජාතික තේරීම් කමිටුවේ සාමාජිකයන් කවුරුන්ද යන්න ඊයේ (12) සවස් වනතුරුත් තීරණයක් නොතිබිණ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට මුහුණ දී සිටින අභාග්‍ය සම්පන්න තත්ත්වය නිසාත්, විශේෂයෙන්ම ක්‍රිකට් ආයතනයේ වෘත්තීය මට්ටමට නොගැලපෙන පරිපාලන ව්‍යූහය නිසාත් තේරීම් කමිටුවේ තනතුරු බාරගැනීමට ප්‍රවීණයෝ ඉදිරිපත් නොවෙති. ඒ සඳහා පාදක වන අනෙක් ප්‍රබලතම කාරණය වන්නේ මෙන්ම ක්‍රීඩකයන්ගේ දුර්වල ආකල්ප බවද කලින් පැවැති තේරීම් කමිටුවක සාමාජිකයෙක් ලංකාදීපයට පැවසීය.
දැනට තමන් සමග සිටිනා අතළොස්සෙන් නම් කිහිපයක් යෝජනා කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු එකම විකල්පය වී තිබුණද ඉදිරිපත් වන නම් අනුමත කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයට අනුබද්ධ කමිටු නිලධාරීහු අකමැති වී සිටිති. ඊට හේතුව වන්නේ එම කමිටු වලට පත්කරනු ලැබ සිටින රටේ කීර්තිමත් පුද්ගලයන් තම තමන්ගේ නම් නරක් කරගැනීමට අකමැති වීම බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිර්දේශ කරනු ලැබූ හිටපු තේරීම් කමිටු සාමාජිකයෝ දෙදෙනෙක්ම මේ අවස්ථාවේදී වගකීම බාරගැනීමට බැරි බව ජාතික ක්‍රීඩා සභාවට දන්වා තිබේ. තත්ත්වය එසේ තිබියදී ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රබලයකුද ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට යාම හේතුවෙන් තත්ත්වය වඩාත් ව්‍යාකූල වී ඇතැයිද කියැවේ.
කෙසේ වෙතත් ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාට ඉතාමත් සමීප ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ ජාතික තේරීම් කමිටුව පත්කිරීම සම්බන්ධයෙන් අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් කමිටුව මැදිහත් විය යුතු බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තිබෙන එකම සැනසිල්ල නම් ජාතික පුහුණුකරු සහ ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න දෙදෙනාට කොරෝනා ආසාදනය වීම නිසා බටහිර ඉන්දීය සංචාරය කල්දැමීමට සිදුවීම බව ක්‍රිකට් ආයතනය ඇතුළේම කතාබහට ලක්වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.