Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තේරීම් කමිටුව පඹගාලක පැටළෙයි

තේරීම් කමිටුව පඹගාලක පැටළෙයි

ශනුක අරවින්ද - 2014 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 21 Comment
A A A

වසර දෙකකට ඉහතදී ශී‍්‍ර ලාංකිකයන්ගේ අත පොවන මායිමේ තිබූ විස්සයි:20 ලෝක කුසලානය උදුරාගෙන ගිය බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මෙවර විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයට ශී‍්‍ර ලංකා කණ්ඩායම හෙට (3 වැනිදා) මුහුණ දෙයි. බංග්ලාදේශයේ ඩකා නුවර මිර්පූර් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් රාතී‍්‍ර 7.00 ට ආරම්භ වේ.

ශී‍්‍ර ලංකා කණ්ඩායම වසර දෙකකට ඉහතදී තමන්ට අහිමි වූ කුසලානය ලබාගැනීමේ අටියෙන් තරග වදින අතර කොදෙව් නායක ඩැරන් සැමී පවසන්නේ තමන් අතේ තිබෙන කුසලානය තවදුරටත් රැකගැනීමේ අටියෙන් පිටියට පිවිසෙන බවයි.

”අපට තියෙන්නේ කුසලානය ආරක්‍ෂා කරගැනීම නැතිනම් රඳවා ගැනීමයි” ඩැරන් සැමී ඊයේ (2 වැනිදා) සවස මිර්පූර් කී‍්‍රඩාංගණයේදී පැවසීය.

මෙවර විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියේදී ඉතාමත් තීරණාත්මක තරග දෙකකින් පසුව නවසීලන්තය පරාජය කරමින් ශී‍්‍ර ලංකා කණ්ඩායමද, පාකිස්තානු පිල පරාජය කරමින් බටහිර ඉන්දීය කොදෙව් පිලද තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් මහතා පවසන්නේ හෙට සවස කාසියේ වාසිය උරගා බැලීම පෙර කල්පනාවට ගත යුතු බොහෝ දේ ඇති බවත් ඒවායේ ප‍්‍රතිඵල තරගයේදී දැකගත හැකිවනු ඇති බවත්ය.

කෙසේ වෙතත් කණ්ඩායම තේරීමේදී සහාය වීම පිණිස ඩකා නුවරට පැමිණ සිටින තේරීම් කමිටු සාමාජික හෂාන් තිලකරත්න මහතා ඇතුළු සංචාරක තේරීම් කමිටුව කණ්ඩායම තේරීමේදී දැඩි අසීරුතාවකට පත්ව සිටී. ඊට ප‍්‍රබලම හේතුව වන්නේ කණ්ඩායමේ කී‍්‍රඩකයන් 15 දෙනා අතර පවතින එකිනෙකට වෙනස් ශක්තිය සහ නිපුණතාවයි.

නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් නැවතත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට එක්වීමට නියමිත හෙයින් ළහිරු තිරිමාන්නගේ ස්ථානය අනතුරේ ඇතත් ඊටම ඈඳුණු තවත් ප‍්‍රශ්න රාශියක් විසඳාගත යුතුව තිබේ. එහෙත් ඒ සියල්ලම කණ්ඩායමක කළමණාකාරීත්වය ආසාවෙන් බලාසිටින ප‍්‍රශ්න බව පුහුණුකරු ෆාබ්‍රේස් මහතා පවසයි.

චන්දිමාල් නැවත නායක්වය ගනිමින් පිටියට පිවිසෙයි නම් නවසීලන්ත තරගයෙදී කණ්ඩායමට පැමිණි තිරිමාන්න ඉවතට යා යුතුය. එහෙත් තිරිමාන්න කණ්ඩායමේ රඳවාගැනීමට නම් බිල්ලට දිය යුත්තේ වමත් පිතිකරුවෙකි.

කුමාර් සංගක්කාර පසුගිය තරග 4 දී ඉනිම 3 කින් ලබාගෙන ඇත්තේ ලකුණු 18 ක් වුවත් මේ වන විට කණ්ඩායමේ සිටින වඩාත්ම පළපුරුදු කඩුලූ රකින්නාය.

එබැවින් මෙවන් තීරණාත්මක තරගයකදී, දග කැවීම එහි උච්චතම අවස්ථාවේ පවතින තණතීරුවකදී, සංගක්කාර වැනි පළපුරුදු කඩුලූ රකින්නකු නොමැතිව තරගයට යාම දිවිනසාගැනීමකි.  

”සංගක්කාර කියන්නේ ඉතාමත් භයංකාර කී‍්‍රඩකයෙක්. ඔහුට මේ තරගාවලියේදී තවමත් ඒ තරම් හොඳ අවස්ථාවක් ලැබුණේ නෑ... මහේල නම් එංගලන්තයට එරෙහිව ඉතාමත් හොඳින් කී‍්‍රඩා කළා”

”ඔවුන්ගෙන් නිතරම වැඩි යමක් බලාපොරොත්තු වෙනවා. ඔවුන් තමන්ගේ රටේ බලාපොරොත්තු සුන් කරලා නෑ... ඔවුන්ගේ වාර්තාව ඒ වෙනුවෙන් සාක්‍ෂි දරාවි” යයි ෆ‍්‍රාබේස් මහතා ඊයේ පැවසීය.

ද`ග පන්දු යැවීමේ සියලූම කලාවන් ප‍්‍රගුණ කළ පස් දෙනෙක් ශී‍්‍ර ලංකා පිල සතුව සිටිති. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ශක්තිය වන්නේත් ඔවුන් අතර තිබෙන විවිධත්වයයි. ඇරත් මිර්පූර්හි ශ්රේ බංග්ලාජාතික කී‍්‍රඩාංගණයේ තණතීරුව භාරව කටයුතු කරන්නේද ශී‍්‍ර ලාංකිකයකු වන, හිටපු ටෙස්ට් විනිසුරු ගාමිණී සිල්වා මහතාය.

කෙදෙව් පිල මෙම තරගාවලියේදී සියලූම තරග වලට සහභාගි වූයේ මිර්පූර් කී‍්‍රඩාංගණයේදී වන අතර දග පන්දු යවන්නන්ට එතරම් සහයෝගයක් නොතිබූ චිතගොන්හිදී ශී‍්‍ර ලංකා දග පන්දු යවන්නෝ තිදෙනා කඩුලූ 13 ක් බෙදාහදා ගත්හ. කෙසේ වෙතත් කොදෙව්වන් සමග සංසන්දනය කිරීමේදී ශී‍්‍ර ලංකා දග පන්දු යවන්නන් ගව් ගණනක් ඉදිරියෙන් සිටින අතර කොදෙව් පිලට එරෙහිව මෙන්ඩිස්ගේ වාර්තාව වි:20 තරග 5 කදී කඩුලූ 13 කි.

මේ අතර පුුහුණුකරු ෆාබ්‍රේස් මහතා පවසන්නේ දග පන්දු යවන්නන් තණතීරුවට අවශ්‍ය නියමිත වේගය රඳවාගත යුතු බවත් රංගන හේරත් වැනි පන්දු යවන්නන් එය කදිමට ප‍්‍රගුණ කර ඇති බවත්ය.

”චිතගොන් නුවරදී ඔහු එය (පන්දුවේ වේගය) ඉතා විශිෂ්ට ආකාරයෙන් යොදාගත්තා” යයිද ෆාබ්‍රේස් මහතා පැවසීය.

කොදෙව් දග පන්දු යවන්නන් දෙදෙනා වන සැමුවෙල් බද්‍රි සහ සුනිල් නරේන් මෙම තරගාවලියේදී  දවාගන්නා ලද කඩුලූ සංඛ්‍යාව 16 කි. අවස්ථානුකූල පිට දග පන්දු යවන්නකු වන මාලන් සැමුවෙල්ස්ද කඩුලූ 3 ක් දවාගන තිබේ. එහෙත් ශී‍්‍ර ලංකා පිතිකරු හමුදාවට අභියෝග කිරීම කෙදෙව්වන් තිදෙනාට බෙහෙවින් අසීරු වනු ඇත.

චන්දිමාල්ගේ ස්ථානය වෙනුවෙන් එළියේ සිටීමට සිදුවිය හැකි අනෙක් කී‍්‍රඩකයා වන්නේ තිසර පෙරේරාය. මෙතෙක් පැවැති තරග හතරේ ඉනිම 3 කදී පන්දු 31 කින් ලකුණු 47 ක් ලබා සිටින නමුත් තිසර පෙරේරාට තවමත් කඩුල්ලක් දවාගත හැකිවී නැත. එහෙත් චිතගොන් කී‍්‍රඩාංගණයට වඩා කෙටි හතරේ සීමාවක් සහිත මිර්පූර් කී‍්‍රඩාංගණයේදී පන්දුව නරඹන්නන් අතරට යැවීමේ වැඩි හැකියාවක් ඇති තිසර පෙරේරා එළියේ තැබීමත් අවදානම් සහගතය.

පාකිස්තානය සහ බටහිර ඉන්දීය පිල අතර පෙරේදා (1 වැනිදා) මිර්පූර්හිදී පැවැති තරගයේදී හයේ පහර 13 ක් ගැසූ අතර එයින් 9 ක්ම කෙදෙව් පිතිකරුවන් ගැසූවේ කි‍්‍රස් ගේල් ලකුණු 5 කට දැවී ගොස් සිටියදීය. එබැවින් කොදෙව්වන් හා තරගයකදී වැඩියෙන් හයේ පහර ගැසීමේ හැකියාවක් ඇති පිතිකරුවකුගේ වාසිය අමුතුවෙන් කිවයුතු නොවේ.

”දිනේෂ් චන්දිමාල් කියන්නේ ඉතාමත් ආකර්ශනීය තරුණ කී‍්‍රඩකයෙක්. ඔහු තවමත් ඉදිරිය බලා යන අයෙක්. කි‍්‍රකට් කී‍්‍රඩකයකු වශයෙන් ඔහුට ඉතාමත් හොඳ බුද්ධියක් තියෙනවා”

”මේ දිනවල ඔහු කිසියම් පසුබෑමකට මුහුණ දී සිටිනවා තමයි. මිනිසුන් විවේචනය කරන්නේ ඒ ගැනයි. ඒත් සෑම කී‍්‍රඩකයකුටම පසුබෑම් තියෙනවා...”

විස්සයි:20 කි‍්‍රකට් කී‍්‍රඩාවේදී කී‍්‍රඩකයකු ලකුණු අතර සිටීම හෝ නොසිටීම ඒ තරම් ගණන්ගත යුතු කාරණයක් නොවෙයි. වඩාත් වැදගත් වන්නේ කී‍්‍රඩකයකුට ඒ දවසේදී  ඕවරයක් නැත්නම් දෙකක් ඇතුළත, පිත්තෙන් හෝ පන්දුවෙන් කළ හැකි දේ කුමක්ද යන්නයි.... ඒ  ඕවරය නැත්නම්  ඕවර දෙක තුළ තරගයේ තීරණය වෙනස් විය හැකියි” යයිද ෆාබ්‍රේස් මහතා අද සවස (2 වැනිදා) මිර්පූර්හිදී පැවසීය.

ආසියානු කුසලාන තරගාවලියේ තරග වැඩි ප‍්‍රමාණයක් පැවැතියේද හෙට තරගය පැවැත්වෙන මිර්පූර් කී‍්‍රඩාංගණයේදීය. එම තරගාවලිය පහසුවෙන්ම ජයගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම කී‍්‍රඩාංගණය ගැනත් හොඳින් දනී.

දෙපිලම දෙපිලේ සමත්කම් මෙන්ම දුර්වලතාද දනිති. තත්ත්වය එසේ වුවත් කොදෙව් නායක ඩැරන් සැමී අද සවස පවසා සිටියේ කි‍්‍රකට් තරගයක් යනු නියමිත දිනයේ පිටියට පිවිසෙන කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයක් විනා ඊට වැඩි යමක් නොවන බවයි.  

ශී‍්‍ර ලංකා සංචිතය :
දිනේෂ් චන්දිමාල්(නායක), කුසල් ජනිත් පෙරේරා, තිලකරත්න ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සචිත‍්‍ර සේනානායක, ලසිත් මාලිංග, රංගන හේරත්, ළහිරු තිරිමාන්න, අජන්ත මෙන්ඩිස්, සීකුගේ ප‍්‍රසන්න සහ සුරංග ලක්මාල්

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය :
ඩැරන් සැමී (නායක), ඞ්වේන් ස්මිත්, කි‍්‍රස් ගේල්, ලෙන්ඞ්ල් සිමන්ස්, මාලන් සැමුවෙල්ස්, ඞ්වේන් බ‍්‍රාවෝ,  ඩිනේෂ් රැුම්ඞීන්, ඔන්ඩි‍්‍ර රසල්, සුනිල් නරේන්, සැමුවෙල් බද්‍රි, කි‍්‍රස් සන්ටොකි, ජොන්සන් චාල්ස්, ෂෙල්ඩන් කොට්රල්, ඇන්ඩි‍්‍ර ෆ්ලෙචර් සහ රවී රම්පෝල්

 


අදහස් (21)

තේරීම් කමිටුව පඹගාලක පැටළෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.