Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකානුවෝ බංග්ලාදේශය වනසති
චැටෝග්‍රෑම් ටෙස්ට් තරගය

දකුණු අප්‍රිකානුවෝ බංග්ලාදේශය වනසති

editorial - 2024 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)

බංග්ලාදේශ පිතිකරුවන්ට යන එන මං නැතිකළ කගිසෝ රබාඩා (37/5), කේෂව් මහාරාජ් (59/5) සහ සෙනුරන් මුතුසාමි (45/4) එක්ව බංග්ලාදේශයේ චැටෝග්‍රෑම් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී දකණු අප්‍රිකානු කණ්ඩායම ඉනිමක සහ ලකුණු 273 ක දැවැන්ත ජයක් කරා කැඳවාගෙන ගියහ. තරගයේ තුන්වැනි දිනය වූ අද (31 වැනිදා) හිරු බැසයාමටත් පෙර තරගය ජයගත් දකුණු අප්‍රිකානුවෝ තරග 2 කින් සමන්විත තරගාවලියත් 2-0 ක් ලෙසින් ජයගත්හ. 

මෙම ජයග්‍රහණය දකුණු අප්‍රිකානුවන්ගේ විශාලතම ටෙස්ට් ජයග්‍රහණය ද වෙයි. 

පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානුවෝ කඩුලු 6 කට ලකුණු 575 ක් ලබාගැනීමෙන් පසුව පිතිහරඹය සත්කාරකයන්ට පැවරූහ. එහෙත් බංග්ලාදේශ පිතිකරුවන්ට ඉනිම දෙකේදීම ලබාගත හැකිවූයේ ලකුණු 159 ක් සහ 143 කි. 

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ පස්වැනි ස්ථානයේ සිටි දකුණු අප්‍රිකානුවෝ, මෙම ජයත් සමගින් සිව්වැනි ස්ථානයට පැනගත්හ. එම ප්‍රසාද ලකුණු පුවරුවේදී තුන්වැනි සහ සිව්වැනි ස්ථානවල සිටින ශ්‍රී ලංකාව (55.56 %) සහ දකුණු අප්‍රිකාව (54.17 %) අතර පවතින සාර්ථකත්ව ප්‍රතිශතයේ පරතරය 1.39 % කි. 

දකුණු අප්‍රිකානු ටෙස්ට් පිලේ මීළඟ ප්‍රතිවාදියා වන්නේ ශ්‍රී ලංකාවයි. මෙම ටෙස්ට් තරග දෙක නොවැම්බර් මස අවසන් සතියේදී (ඩර්බන් නුවරදී) සහ දෙසැම්බර් මස මුල් සතියේදී (ඛේබරා නුවරදී - පැරණි පෝට් එළිසබෙත්) පැවැත්වෙයි. එම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා දෙපිලටම අතිශය තීරණාත්මක තරගාවලියකි. 

දකුණු අප්‍රිකානු පිතිකරුවන්ගේ අනුකම්පා විරහිත ප්‍රහාරයෙන් පසුව ලකුණු 575 කට පිළිතුරු දීම ආරම්භ කළ බංග්ලාදේශයේ කඩුලු 8 ක් ලකුණු 48 කට ඇද වැටිණ. ශද්මන් ඉස්ලාම්, මුෂ්ෆිකුර් රහීම් සහ මහිදුල් ඉස්ලාම් අන්කොන් ලකුණු නොලබා දැවී ගිය අතර කගීසෝ රබාඩා (37/5) සහ ඩෑන් පීටර්සන් (31/2) බංග්ලාදේශ මුල් ඉනිම විනාශ කළහ. රබාඩාට කඩුලු 5 ක් දවාගැනීමට අවශ්‍ය වූයේ ඕවර 9 කි. 

නමවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 103 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ මොමිනුල් හක් (82) සහ තයිජුල් ඉස්ලාම් (30) ලකුණු 150 සීමාවෙන් බංග්ලාදේශය එතෙර කළ නමුත් කේෂව් මහාරාජ් සහ මුතුසාමි පැමිණ ලකුණු 08 ක් ඇතුළත බංග්ලාදේශ ඉනිම අවසන් කළහ. 

දෙවැනි ඉනිමේදී බංග්ලාදේශයට සිදුවූයේ ඊට වැඩි විනාශයකි. වමතින් දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු වන සෙනුරන් මුතුසාමි (45/4) සහ කේෂව් මහාරාජ් (59/5) එක්ව බංග්ලාදෙශ දෙවැනි ඉනිම සුන්බුන් ගොඩක් කර දැමූහ. කේෂව් මහාරාජ් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් 10 වැනි අවස්ථාව මෙයයි. 

දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරග 16 ක් පැවැත්වී ඇතත් බංග්ලාදේශය තවමත් දකුණු අප්‍රිකානුවන් පරාජය කිරීමට සමත්ව නැත. බංග්ලාදේශයට ටෙස්ට් වරම් හිමිවී වසර 24 කි. 

දකුණු අප්‍රිකාව - පළමු ඉනිම කඩුලු 6 ක් දැවී 575 යි

(ඒඩ්න් මාක්රම් 33, ටෝනි ඩි’සෝසි 177, ට්‍රිරස්ටන් ස්ටබ්ස් 106, ඩේවිඩ් බෙඩිංහැම් 59, රයාන් රික්ල්ටන් 12, වියාන් මල්ඩර් නොදැවී 105, සෙනුරන් මුතුසාමි නොදැවී 68, තයිජුල් ඉස්ලාම් 198/5)

බංග්ලාදේශය - පළමු ඉනිම 159 යි
(මහමදුල් හසන් ජෝයි 10, මොමිනුල් හක් 82, තයිජුල් ඉස්ලාම් 30, කගීසෝ රබාඩා 37/5, ඩෑන් පීටර්සන් 31/2, කේෂව් මහාරාජ් 57/2)

බංග්ලාදේශය - දෙවැනි ඉනිම 143 යි
(මහමුදුල් හසන් ජෝයි 11, නජ්මුල් හොසේන් ශන්ටෝ 36, මහිදුල් ඉස්ලාම් අන්කොන් 29, හසන් මහමුද් නොදැවී 38, සෙනුරන් මුතුසාමි 45/4, කේෂව් මහාරාජ් 59/5)


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ බංග්ලාදේශය වනසති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.