Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකානු ‘ඒ’ පිලට සැනසුම් සහගත ජයක්

දකුණු අප්‍රිකානු ‘ඒ’ පිලට සැනසුම් සහගත ජයක්

editorial - 2024 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම අතර පොචෙෆ්ස්ට්‍රෝම් නුවරදී ඊයේ (4 වැනිදා) පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම සමත් විය. මෙම තරගය පරාජය වුවද, පළමු සහ දෙවැනි තරගය ජයගෙන තිබීම හේතුවෙන් දෙපිල අතර පැවැති තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 309 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු ‘ඒ’ ක්‍රීඩකයෝ, ඕවර 42.5 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ඉලක්කය පසුකර ගියහ. එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ඬේවිඞ් බෙඩිංහැම් පන්දු 129 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 20 ක් සමග නොදැවී ලකුණු 188 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 308 ක් ලබාගත් අතර සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් දුන් ළහිරු උදාර පන්දු 94 කදී හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 90 ක් ලබාගත්තේය. එහිදී නුවනිඳු ප්‍රනාන්දු සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 102 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ළහිරු සමත් විය. 

ලකුණු 187 කට කඩුලු 6 ක් බිඳවැටී තිබියදී පිටියේ එක්වූ චමිඳු වික්‍රමසිංහ (නොදැවී 70) සහ දිනුර කළුපහන (නොදැවී 45) හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 300 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ. එහිදී පන්දු 54 කට මුහුණදුන් චමිඳු හයේ පහර 4 කින් සහ හතරේ පහර 3 කින්ද, පන්දු 57 කට මුහුණදුන් දිනුර හයේ පහර 2 කින් සහ හතරේ පහර 2 කින්ද ඔවුන්ගේ ඉනිම සැරසූහ. 


ශ්‍රී ලංකා ‘ඒ’ පිල - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 308 
(ළහිරු උදාර 90, නුවනිඳු ප්‍රනාන්දු 52, චමිඳු වික්‍රමසිංහ නොදැවී 70, දිනුර කළුපහන නොදැවී 45, ඩෙවෝල්ඞ් බ්‍රේවිස් 46/4) 

දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල - ඕවර 42.5 කදී කඩුලු 5 ක් දැවී 311
(ඬේවිඞ් බෙඩිංහැම් නොදැවී 188, ටෝනි ඩි’ සෝර්සි 25, මැතිව් බී්‍රට්ස්කි 36, මීකායීල් ප්‍රින්ස් 31, දුෂාන් හේමන්ත 58/2) 

-036 


අදහස් (0)

දකුණු අප්‍රිකානු ‘ඒ’ පිලට සැනසුම් සහගත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.