Last Update  :  2024-09-18 20:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල කඩුලු 7 කට 316 යි

දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල කඩුලු 7 කට 316 යි

editorial - 2024 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම අතර බෙනොයි නුවරදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ (15 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකානු ‘ඒ’ ක්‍රීඩකයෝ කඩුලු 7 ක් දැවී ලකුණු 316 ක් ලබා සිටියහ. 

දිනය නිමාවට පත්වන විට නායක නීල් බ්‍රෑන්ඩ් හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 122 ක්ද, මිගෙල් ප්‍රිටෝරියස් හතරේ පහරක් සමග නොදැවී ලකුණු 9 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. ඩෙවොල්ඩ් බ්‍රේවිස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 49 ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය. 

ලකුණු 42 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී මාර්කස් ආර්ක්මන් (37) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නීල්, ඉන් නොනැවතී බ්‍රේවිස් සමග එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 98 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. මාකස්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය. 

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ සොනාල් දිනූෂ ඕවර 15 ක් යවමින් ලකුණු 48 කට කඩුලු 3 ක් දවාගත් අතර ඒෂාන් මාලිංග කඩුලු 2 ක් බිඳහෙළුවේ ප්‍රතිවාදීන්ට ලකුණු 56 ක් ලබා දෙමිනි. ජනිත් ලියනගේ සහ නුවනිඳු ප්‍රනාන්දු අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. 

දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල - කඩුලු 7 කට 316 
(ට්ෂෙපං ඩිතෝලේ 27, නීල් බ්‍රෑන්ඩ් නොදැවී 122, මාර්කස් ආක්මන් 37, ඩෙවොල්ඩ් බ්‍රේවිස් 49, බ්‍රේයර්ස් ස්වේන්පෝල් 34, සොනොල් දිනූෂ 48/3, ඒෂාන් මාලිංග 56/2) 

-036


අදහස් (0)

දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල කඩුලු 7 කට 316 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.