Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක දකුණු අපි‍්‍රකානු පිල සහ නවසීලන්ත පිල අතර නවසීලන්යේ බේ ඕවල් කී‍්‍රඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 72 ක ජයක් අත්කර ගැනීමට දකුණු අපි‍්‍රකානු පිල සමත්විය.
ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජය ගැනීමට ඔවුහු සමත්වූහ. දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය ලබන 27 වැනිදා පැවැත්වීමට නියමිතය.
අද පැවැති තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 283 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත පිලට ඕවර 46.3 ක් අවසානයේ සියලූ දෙනා දැවී, රැස්කරගත හැකිවූයේ ලකුණු 210 ක් පමණි.
එහිදී නවසීලන්ත පිලේ කඩුලූ රකින කී‍්‍රඩක ලූක් රොන්චි ලකුණු 79 ක් රැස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යෑමේ උත්සාහයක නිරත වුවද, ඔහුගේ සහයට කිසිවකු නොමැති වීම නිසා එම උත්සාහය අසාර්ථක විය.
පන්දු 83 කදී වාර්තා වූ ඔහුගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් අන්තර්ගත විය.
දකුණු අපි‍්‍රකානු පිල වෙනුවෙන් ඬේල් ස්ටේන්, වර්නන් පිලෙන්දර්, ඒ. බී. ඩිවිලියර්ස් සහ ඉම්රාන් තාහීර් කඩුලූ 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අපි‍්‍රකානු පිල නියමිත ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 282 ක් රැස්කළේය.
එහිදී ආරම්භක පිතිකරු හෂීම් අම්ලා, පන්දු 135 කදී හතරේ පහර 15 ක් සමග ලකුණු 119 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්විය.
දෙවැනි කඩුල්ල වෙනුවෙන් ෆෆ් ඩුප්ලෙසී (67) සමග එක්ව පන්දු 124 කදී ලකුණු 113 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අපි‍්‍රකානු පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද අම්ලා සමත්වූහ.
දකුණු අපි‍්‍රකානු පිල - ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී ලකුණු 283
(හෂීම් අම්ලා 119, කොන්ටම් ඩි කොක් 26, ෆෆ් ඩුප්ලෙසී 67, ඒ. බී. ඩිවිලියස් 37, ජේ. පී. ඩුමිනි 19, කෝරි ඇන්ඩර්සන් 30/2, මිචෙල් මැක්ලෙනගන් 49/2, ටිම් සවුති 50/2, ටේරන්ට් බෝල්ට් 70/2)
නවසීලන්ත පිල - ඕවර 46.3 කදී සියලූ දෙනා දැවී ලකුණු 210
(ඞීන් බ‍්‍රවුන්ලි 20, ටොම් ලේතම් 16, ලූක් රොන්චි 79, මිචෙල් මැක්ලෙනගන් නොදැවී 34, වර්නන් පිලෙන්දර් 27/2, ඒ. බී. ඩිවිලියස් 28/2, ඉම්රාන් තාහීර් 32/2, ඬේල් ස්ටේන් 35/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.