Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අපි‍්‍රකාව ලකුණු 257 කින් ජයගනී

දකුණු අපි‍්‍රකාව ලකුණු 257 කින් ජයගනී

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඒ. බී. ඩිවිලියස්ගේ වාර්තාගත පිතිහරඹය හමුවේ (නොදැවී 162) ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 19 වැනි තරගය ලෙස දකුණු අපි‍්‍රකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර  ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවරදී අද (27 වැනිදා) පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 257 පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අපි‍්‍රකාව සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 409 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් පිලට  ඕවර 33.1 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 151 ක් පමණි.

කොදෙව් පිලේ වැඩිම ලකුණු ලාභියා වූ නායක ජේසන් හෝල්ඩර් පන්දු 48 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 56 ක් රැස්කළේය.

කොදෙව් කී‍්‍රඩකයන් ඉක්මණින්ම ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවූ ඉම්රාන් තාහීර් ලකුණු 45 කට කඩුලූ 5 ක් දවාගනිමින් දකුණු අපි‍්‍රකානු කණ්ඩායමේ ජයග‍්‍රහණය වඩාත් පහසු කළේය.  

මුලූ ලකුණු සංඛ්‍යාව 16 ක් වන විට ප‍්‍රවේගකාරී පිතිකරු කි‍්‍රස් ගේල් සහ මාලන් සැමුවෙල්ස් පිළිවෙලින් ලකුණු 3 කට සහ 0 කට පිටියෙන් ඉවත් කිරීමට දකුණු අපි‍්‍රකානු වේග පන්දු යවන කී‍්‍රඩක කයිල් ඇබොට් සමත්වීම කොදෙව් පිලට විශාල පාඩුවක් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අපි‍්‍රකාව  ඕවර 50 ක් අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 408 ක් රැස්කළේය. මෙය මෙවර ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් රැුස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාවද වේ.

2007 ලෝක කුසලාන තරගාවලියේ බර්මියුඩාවට එරෙහිව පැවැති තරගයකදී ලකුණු 413 ක් රැස්කළ ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන තරගයක කණ්ඩායමක් රැුස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියයි.

අද දිනයේදී පන්දු 66 කින් තම හොඳම එක්දින ඉනිම කී‍්‍රඩා කළ ඩිවිලියස් එය දැවැන්ත හයේ පහර 8 කින් සහ හතරේ පහර 17 කින් අලංකාර කළේය.

පන්දු 30 කදී ලකුණු 50 සීමාව පසු කළ ඩිවිලියස්, පන්දු 52 කදී ලකුණු 100 සීමාවද, පන්දු 64 කදී ලකුණු 150 සීමාවද පසුකළේය.

ඩිවිලියස්ගේ මෙම ඉනිම එක්දින ජාත්‍යන්තර තරගයකදී වාර්තා වූ වේගවත්ම ලකුණු 150 වන අතර ලෝක කුසලාන තරගයකදී වාර්තා වූ දෙවැනි වේගවත්ම ශතකයද වේ.

රිලී රූසොව් (61) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 134 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඩිවිලියස්, ෆර්හාන් බෙහාර්ඞීන් (නොදැවී 10) සමග එක්ව ලකුණු 80 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් තම කණ්ඩාමේ ලකුණු සංඛ්‍යාව 400 සීමාව කරා ඔසවා තැබීය.

පළමු කඩුල්ල ලෙස ලකුණු 12 ක් ලබා සිටි ක්වින්ටන් ඩිකොක්, ජේසන් හෝල්ඩර්ගේ පන්දුවක් හමුවේ ඇන්ඩි‍්‍ර රසල් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 141 කදී ලකුණු 127 ක් සම්බන්ධතාවක් ගොඩනැගූ හෂීම් අම්ලා (65) සහ ෆෆ් ඩුප්ලෙසී (62) දකුණු අපි‍්‍රකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.  

කොදෙව් පිලේ නායක ජේසන් හෝල්ඩර් මෙම තරගයේදී දැඩි ප‍්‍රහාරයකට ලක්වූ අතර ඔහුගේ  ඕවර 10 තුළදී ලකුණු 104 ක් රැුස්කිරීමට දකුණු අපි‍්‍රකානු පිතිකරුවෝ සමත් වූහ.

දකුණු අපි‍්‍රකාව -  ඕවර 50 කදී කඩුලූ 5 ක් දැවී 408
(ක්වින්ටන් ඩිකොක් 12, හෂීම් අම්ලා 65, ෆෆ් ඩුප්ලෙසී 62, රිලී රූසොව් 61, ඒ. බී. ඩිවිලියස් නොදැවී 162, ඬේවිඞ් මිලර් 20, ක‍්‍රිස් ගේල් 21/2)

කොදෙව් පිල -  ඕව 33.1 කදී සියලූ දෙනා දැවී 151
(ඞ්වේන් ස්මිත් 31, ඩිනේෂ් රැුම්ඩින් 22, ජේසන් හොල්ඩර් 56, ජෙරම් ටේලර් නොදැවී 15, ඉම්රාන් තාහීර් 45/5, මෝනි මෝකල් 23/2, කයිල් ඇබෝට් 37/2)

036


අදහස් (0)

දකුණු අපි‍්‍රකාව ලකුණු 257 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.