Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
දසුන් ශානක අසාර්ථක නායකයෙකු නම් ඔහු තවදුරටත් පුහුණු සංචිතයේ තබා ගැනීමේ දී ක්‍රිකට් තේරීම් කමිටුවේ මතය පැහැදිලි නැතැයි ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපති අර්ජුන රණතුංග මහතා පැවසීය.
කොළඹදී ඊයේ (11) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ රණතුංග මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අද පරිහානිය කොතෙක්ද යත් දැන් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරග පැවැත්වෙමින් තිබිය දී එහි ප්‍රේක්ෂකාගාර මුළුමනින්ම හිස්ව ඇති බවයි.
අර්ජුන රණතුංග මහතා මාධ්‍ය හමුවේදී මෙසේ ද පැවසීය. ‘‘දසුන් ශානක හොඳ නායකයෙක් කියලා කියපු අයම අද ඔහු නායකත්වයෙන් ඉවත් කරලා කණ්ඩායමේ ඔහුට තිබූ තැනත් නැති කරලා තිබ්බා.
දැන් ආපහු ඔහු සංචිතයට කැඳවලා තිබෙනවා. අද රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රශ්නය ක්‍රීඩකයන්ගේවත් පුහුණුකරුවන්ගෙවත් නෙමෙයි. ප්‍රශ්නය තියෙන්නේ ක්‍රිකට් පරිපාලනය මෙහෙයවන වත්මන් දූෂිත හොරු රැළයි. මේ හොරු රැළ ක්‍රිකට් විකාශන අයිතියෙන් ලැබෙන මුදල් ඔවුන් හම්බ කරන ඒවා ලෙස පෙන්නන්න හදනවා.
ඇත්ත කතාව අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනයට ගොඩවන නිලධාරීන් ක්‍රිකට් හැරෙන්න එතන ඉඳලා අනිත් හැම දෙයම කරනවා. කිසිදාක ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක තරගයකට සහභාගි වෙලා නැති ඒ අය ක්‍රිකට් ඇරෙන්න අනිත් හැම දේවල්ම ඉගෙන ගෙන තිබෙනවා.
ඊයේ පෙරේදා පත්තර පිටු පුරවලා හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයාගේ පින්තූරත් එක්ක ‘දැන්ම සැරසෙමු’ කියලා දැන්වීමක් දාලා තිබ්බා. මේක මම දකින්නේ නිල නොවන අල්ලස් හැටියට. මේ දැන්වීම්වලට රුපියල් මිලියන ගණනින් පත්තර ඒජන්සිවලට මුදල් යවලා තිබෙනවා.
මෙන්න මේ වගේ වැඩ කරනවා ඇරෙන්න ක්‍රිකට් ආයතනයේ වත්මන් ප්‍රධානීන්ට ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙයවන්න කිසිදු වැඩ පිළිවෙළවලක් නෑ. මේ වැඩවලට නොරැවටෙන ලෙස අපි වත්මන් ක්‍රීඩා ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.