Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පළාත් පාලන සතියේ ක‍්‍රීඩා වෙනුවෙන් බළන්ගොඩ නගරසභා කී‍්‍රඩාපිටිියේ පැවති අතුලකුමාර රාහුබද්ධ අභියෝග ශූරතා රාජ්‍යසේවා කී‍්‍රඩා තරගාවලියේදී සබරගමුව විශ්ව විද්‍යාලයිය කණ්ඩායම දැල්පන්දු ශූරතාව දිනාගත්තේය.
මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 08 ක් තරග වැදුණු අතර පසුගිය වසරේදී සබරගමු පළාත් ශූරතාවයට හිමිකම් කියූ නගරසභා කණ්ඩායමට ප‍්‍රබල තරගයක් දෙමින් 14-04 ක් වශයෙන් සබරගමුව විශ්ව විද්‍යාලයිය කණ්ඩායම ශූරතාව දිනාගත්තේය.
කාන්තා වොලිබෝල් තරගාවලියේ ජය වැලිගෙපොල ප‍්‍රදේශීය ලේකම් කාර්යාල කණ්ඩායම විසින් දිනාගන්නා ලද අතර අනුශූරතාවය බළන්ගොඩ නගර සභා කණ්ඩායමට හිමි විය. පිරිමි වෙලිබෝල් තරගාවලියේ ශූරතාව බන්ධනාගාර කණ්ඩායම විසින් හිමිකර ගනු ලබද්දී අනුශූරතාව බළන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ත් හිමිවිය. වොලිබෝල් තරග සඳහා කාන්තා කණ්ඩායම් 10 ක් හා පිරිමි කණ්ඩායම් 12 ක් ඉදිරිපත් වූහ.
කණ්ඩායම් 15 සහභාගිත්වයෙන් පැවති සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරගාවලියේ ජය බළන්ගොඩ නගරසභා පිල විසින් දිනාගන්නා ලද අතර ඉඹුල්පේ ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය එහි අනුශූරතාවය හිමිකරගත්තේය.
මෙම කී‍්‍රඩා උළෙල සඳහා බලන්ගොඩ පොලිස් බල ප‍්‍රදේශයේ රාජ්‍ය ආයතන රැසක් සහභාගීවු අතර දැල්පන්දු, වොලිබොල් හා සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරග මේ යටතේ පැවැත්විය.
සබරගමු පළාත් මාර්ග සංවර්ධන, ග‍්‍රාමිය යටිතල පහසුකම් , සංචාරක කී‍්‍රඩා හා යෞවන කටයුතු අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතාගේ ප‍්‍රතිපාදන යටතේ ශූරයනට රුපියල් 10,000 ක් බැගින්ද, අනුශූරයන්ට රුපියල් 7500 බැගින්ද, ඒ ඒ කී‍්‍රඩාවන්හි දක්ෂතා දැක්වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට කුසලතා සම්මාන සමග රුපියල් 2500 බැගින්වූ මුදල් ත්‍යාග ද පිරිනමන ලදි .
දැල්පන්දු ශූරතාව දිනූ ශී‍්‍ර ලංකා සබරගමුව විශ්වවිද්‍යාල ක්ණ්ඩායම
කි‍්‍රකට් ශූරතාව දිනූ බළන්ගොඩ නගර සභා කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.