Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නිරෝෂන් දික්වැල්ල (69) සහ කමිඳු මෙන්ඩිස්ගේ (නොදැවී 57) අර්ධ ශතක හමුවේ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ තෙවැනි තරගයේදී යාපනය කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර කණ්ඩායම සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 247 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායම ඕවර 39.4 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් පසුකර යෑමට සමත්විය.
නිරෝෂන් දික්වැල්ල සහ පැතුම් නිස්සංක එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 86 කදී ලකුණු 105 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර 5 වැනි කඩුල්ල සඳහා පන්දු 64 කදී තවත් ලකුණු 68 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීමට කමිඳු මෙන්ඩිස් සහ සහන් ආරච්චිගේ සමත්වූහ.
පන්දු 45 කදි හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 69 ක් රැස්කිරීමට නිරෝෂන් දික්වැල්ල සමත්වූ අතර කමිඳු මෙන්ඩිස් පන්දු 45 කදි හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 57 ක් ලබාගත්තේය. පැතුම් නිස්සංක ලකුණු 32 ක්, කමිල් මිෂාර ලකුණු 34 ක් සහ සහන් ආරච්චිගේ නොදැවී ලකුණු 28 ක් ලබාගනිමින් මහනුවර කණ්ඩායමේ ජයග්‍රහණයට දායක වූහ.
කාසියේ වාසිය දිනාගත් මහනුවර කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා යාපනය කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 246 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.
ළහිරු තිරිමාන්න පන්දු 74 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 56 ක් ද, සංතුෂ් ගුණතිලක පන්දු 50 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 45 ක් සහ ජනිත් ලියනගේ පන්දු 63 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 41 ක් ලබාගැනිමට සමත්වූහ.
නිපුන් රන්සික කඩුලු 3 ක් ද, අසිත ප්‍රනාන්දු සහ පුලින තරංග කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
යාපනය කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 246
(ළහිරු තිරිමාන්න 56, ධනංජය ද සිල්වා 28, ජනිත් ලියනගේ 41, සංතුෂ් ලියනගේ 45, නිපුන් රංසික 41/3, පුලින තරංග 44/2, අසිත ප්‍රනාන්දු 51/2)
මහනුවර කණ්ඩායම - ඕවර 39.4 කදී කඩුලු 4 ක් දැවී 247
(නිරෝෂන් දික්වැල්ල 69, පැතුම් නිස්සංක 32, කමිල් මිෂාර 34, කමිඳු මෙන්ඩිස් නොදැවි 57, සහන් ආරච්චිගේ නොදැවී 28, ශිරාන් ප්‍රනාන්දු 33/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.