Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දිල්ලි කැපිටල්ස් නායකත්වය රිෂාබ් පාන්ට්ට

දිල්ලි කැපිටල්ස් නායකත්වය රිෂාබ් පාන්ට්ට

editorial - 2021 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මීළඟ අයි.පී.එල්. තරගාවලියේදී දිල්ලි කැපිටල්ස් පිලේ නායකයා ලෙස රිෂාබ් පාන්ට් නම් කර තිබේ. දිල්ලි පිලේ නායක නායක ශ්‍රියාස් අයර් ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙවර (2021) අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වනු ඇත.

“දිල්ලිය යනු මා හැදී වැඩුණු ස්ථානය වගේම මීට වසර හයකට පෙර මගේ අයිපීඑල් ගමන ආරම්භ වූ ස්ථානයයි. කවදා හෝ මෙම කණ්ඩායමට නායකත්වය දීම යනු මා සැමවිටම රැකබලා ගත් සිහිනයකි. අද එම සිහිනය සැබෑ වන විට, මට නිහතමානී බවක් දැනේ” යයි තමන්ගේ නව භූමිකාව පිළිබඳව පාන්ට් පැවසුවේය.

ශ්‍රියාස් අයියර්ගේ උරහිසේ ආබාධයක් ඇතිවී තිබෙන අතර ඔහු ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිටී.

“මට උරහිසේ ආබාධයක් ඇති වුණා. ඒ නිසා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට නායකයෙකු අවශ්‍ය වෙනවා. රිෂාබ් එම කාර්යය සඳහා හොඳම මිනිසා වනු ඇති බවට මට කිසිදු සැකයක් නෑ” යයි ශ්‍රියාස් අයියර් පැවසීය.

දිල්ලි කැපිටල්ස් හි ප්‍රධාන පුහුණුකරු රිකී පොන්ටිං මහතා පවසන්නේ ශ්‍රියාස්ගේ නායකත්වය යටතේ පසුගිය තරගාවලි දෙකම ඇදහිය නොහැකි තරම් සාර්ථක වූ බවයි.

එහෙත් ඕස්ට්‍රේලියාවට මෙන්ම එංගලන්තයට එරෙහිව පැවැති සාර්ථක තරගාවලි දෙකකින් පසුව තරුණ රිෂාබ්ට ලැබෙන අවස්ථාව කණ්ඩායම තවදුරටත් ඉදිරියට ගෙන යා හැකි අවස්ථාවක් ලෙස පොන්ටිං මහතා දකි.

 

- 213

 


අදහස් (0)

දිල්ලි කැපිටල්ස් නායකත්වය රිෂාබ් පාන්ට්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.