Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දෙනුරාජ්ගේ ශතකයෙන් කිලිනොච්චියට ජය
අයි.පී.එල්. - 2023

දෙනුරාජ්ගේ ශතකයෙන් කිලිනොච්චියට ජය

editorial - 2023 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ වව්නියා දිස්ත්‍රික්කයට එරෙහිව ඊයේ (21 වැනිදා) අනුරාධපුරයේදී පැවැති තරගයෙන් ලකුණු 80 ක ජයක් වාර්තා කිරීමට කිලිනොච්චි දිස්ත්‍රික්කය සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 216 ක ඉලක්කයක් හඹාගිය වව්නියා දිස්ත්‍රික්කයට ඕවර 47 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135 ක් පමණි. එස්. සුලක්ෂන් ලකුණු 26 කට කඩුලු 4 ක්ද, ටී. අබිරාජ් ලකුණු 36 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් වව්නියා ඉනිම සුනුවිසුණු කර දැමූහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් කිලිනොච්චි දිස්ත්‍රික්කය ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 215 ක් ලබාගත් අතර එහිදී පන්දු 92 කට මුහුණදුන් ඒ. දෙනුරාජ් නොදැවී ලකුණු 100 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගිනි. 

කිලිනොච්චි දිස්ත්‍රික්කය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 215 
(කේ. රොබින්සන් 29, ඒ. දෙනුරාජ් නොදැවී 100, කිෂාන්ත් 26/2, වී. විතුෂාන් 33/2, එස්. තනෝජන් 37/2) 

වව්නියා දිස්ත්‍රික්කය - ඕවර 47 කදී සියලු දෙනා දැවී 135 
(එස්. වින්ස්ලන් 21, කේ. කිරුෂිකන් 54, එස්. සුලක්ෂන් 26/4, ටී. අබිරාජ් 36/3) 

-036 


අදහස් (0)

දෙනුරාජ්ගේ ශතකයෙන් කිලිනොච්චියට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.