Last Update  :  2025-03-14 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දෙයියන්දර මධ්‍ය මහා විදුහලටත් ක්‍රිකට් ක්‍රීඩා පුහුණු කිරීමේ කඳවුරක්

දෙයියන්දර මධ්‍ය මහා විදුහලටත් ක්‍රිකට් ක්‍රීඩා පුහුණු කිරීමේ කඳවුරක්

editorial - 2024 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙයියන්දර මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ට ක්‍රිකට් ක්‍රීඩාව පුහුණු කිරීමේ කඳවුරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය, නිහාල් පතිරගේ මහතා ප්‍රමුඛ කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදි නාලන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය සහ දෙයියන්දර මධ්‍ය මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමන් ක්‍රිකට් පුහුණු කිරීමේ සැසියක් නොබෝදා එම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. 

පුහුණුකිරීමේ කඳවුරට අවුරුදු 13 න් පහළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගි අතර පුහුණුකරුවන් වශයෙන් සංජය ද සිල්වා, මහී ද සිල්වා සහ කළණ සුමුදු පුහුණුකරුවෝ වශයෙන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

එහිදී ක්‍රිකට් භාණ්ඩ කට්ටල තුනක් ප්‍රදානය කෙරුණු අතර ඒ සඳහා ජානක පෙරියප්පෙරුම, හිමන්සු කරුණාදාස, රවිනාථ ජයවික්‍රම සහ කළණ සුමුදු අනුග්‍රහය දැක්වූහ. විදුහල්පති චම්ලි ප්‍රියංකර, ක්‍රිකට් භාර ආචාර්ය සමන් සහ පුහුණුකරු දිල්ෂාන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ. 

- 213


අදහස් (0)

දෙයියන්දර මධ්‍ය මහා විදුහලටත් ක්‍රිකට් ක්‍රීඩා පුහුණු කිරීමේ කඳවුරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.