Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දේවන්ස් ක්‍රිකට් ලීග් තරගාවලිය අද සහ හෙට

දේවන්ස් ක්‍රිකට් ලීග් තරගාවලිය අද සහ හෙට

ශානුක අරවින්ද - 2021 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

රත්ගම දේවපතිරාජ විදුහල් කණ්ඩායමට ක්‍රීඩා කළ සහ මේ වන විට ක්‍රීඩා කරමින් සිටින ක්‍රීඩකයන් රැසකගේ සහභාගීත්වයෙන් ‘ටී.ඒ.සී.එන්. ගුණසේකර අනුස්මරණ අභියෝග කුසලාන’ වෙනුවෙන් පැවැත්වෙන ‘දේවන්ස් ක්‍රිකට් ලීග්’ දහයයි10 ක්‍රිකට් තරගාවලිය මේ මස 27 සහ 28 දෙදින රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ තරිඳු කෞෂාල් මෙන්ම ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ දිල්ෂාන් කාංචනද සහ තික්ෂිල ද සිල්වාත් මෙම තරගාවලියට එක්ව සිටිති. ඔවුන්ට අමතරව ක්‍රීඩා සමාජ තරග සඳහා ක්‍රීඩා කරන චලන ද සිල්වා, රවීන් යසස්, රොෂාන් ලක්මාල්, පැතුම් මධුෂංක, තරිඳු නුවන්, චතුර ලක්ෂාන්, තිසර දිල්ෂාන්, කල්ප චේතිය, සුදීර වීරරත්න, පවන් සන්දේෂ් සහ ජීවක ශෂීන් යන ක්‍රීඩකයෝද මෙම තරගාවලියට සහභාගි වෙති.

කණ්ඩායම් 4 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම්වලට එරෙහිව තරග 3 කට බැගින් සහභාගී වන අතර එහිදී වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් ලබාගන්නා කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත. සෙසු කණ්ඩායම් දෙක අතර තෙවැනි ස්ථානය සඳහාද තරගයක් පැවැත්වේ.

තරිඳු කෞෂාල්ගේ නායකත්වයෙන් යුත් දේවන් සෝල්ජර්ස්, දර්ශන ශ්‍රීමාල්ගේ නායකත්වයෙන් යුත් දේවන් ග්ලැඩියේටර්ස්, තරිඳු නුවන්ගේ නායකත්වයෙන් යුත් දේවන් ෆයිටර්ස් සහ සුධීර වීරරත්නගේ නායකත්වයෙන් යුත් දේවන් ජූනියර්ස් යන කණ්ඩායම මෙම තරගාවලියේදී තරග වැදීමට සූදානමින් සිටිති. 2020/2021 අන්තර් පාසල් තරග වාරයේදී දේවපතිරාජ 19 න් පහළ කණ්ඩායම මෙහෙයවනු ලබන්නේද සුධීර වීරරත්න විසිනි.

නැසීගිය ටී.ඒ.සී.එන්. ගුණසේකර මහතා රත්ගම දේවපතිරාජ විදුහලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ අතර 1997 වසරේදී පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීම සඳහාද ඔහු පුරෝගාමී විය. ඉන් අනතුරුව ජාතික මට්ටමට දක්ෂ ක්‍රීඩකයන් රැසක් බිහිහළ දේවපතිරාජ විදුහල, 2004 වසරේදී දර්ශන ශ්‍රීමාල්ගේ නායකත්වය යටතේ ඇස්ට්‍රා කුසලාන වයස 16 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ ශූරතාව දිනාගැනීමට සමත් විය.

නිලංක රුක්ෂිතගේ නායකත්වය යටතේ 2011 වසරේදී අන්තර් පාසල් වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ශූරතාව දිනූ දේවපතිරාජය, ළහිරු මධුවන්තගේ නායකත්වය යටතේ 2013/2014 තරගවාරයේදී අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ අනු ශූරතාව හිමිකර ගත්තේය.  

තවද 2017/2018 තරගවාරදී පැතුම් මධුෂංකගේ නායකත්වය යටතේ අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ශූරතාව දිනාගැනීමටද දේවපතිරාජ විදුහල සමත් විය. මේ වන විට දේවපතිරාජ වයස 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ කණ්ඩායම් සියල්ලම අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කොටස යටතේ ක්‍රීඩා කරයි. නිෂාන්ත කුමාර මහතා දේවපතිරාජ විදුහලේ ක්‍රිකට් භාර ආචාර්යවරයා ලෙසත්, රංජන් ලසන්ත මහතා ක්‍රිකට් පුහුණුකරු ලෙසත් කටයුතු කරති.

 


අදහස් (0)

දේවන්ස් ක්‍රිකට් ලීග් තරගාවලිය අද සහ හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.