Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දේවානන්දයේ සොහාන් ලකුණු 1000 පසු කරයි

දේවානන්දයේ සොහාන් ලකුණු 1000 පසු කරයි

Nisanka Sandeepani - 2019 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවන වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ක්‍රීඩා කරන අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල් පිලේ නායක කවිඳු සොහාන් ලිවේරා මෙම තරග වාරයේදී ලකුණු දහසේ සීමාව පසු කිරීමට සමත් විය. 

සොහාන් මේ වන විට තරග 15 කදී ලකුණු 1,211 ක් රැස්කිරීමට සමත්ව සිටින අතර එයට ශතක දෙකක් සහ අර්ධ ශතක නයක් ඇතුළත් වේ. අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහලට එරෙහිව රැස්කළ ලකුණු 138, සොහාන්ගේ මෙම තරග වාරයේ ඉහළතම ඉනිම වේ. 

දක්‍ෂ කඩුලු රකින්නකු වන සොහාන් වසරේ දක්‍ෂතම පන්දු රකින්නා ලෙස දෙවරක් සම්මාන ලැබීය. 
සොහාන්ගේ වර්තමාන පුහුණුකරු ලෙස පී. මිල්ටන් මහතා කටයුතු කරයි. 

 

 


අදහස් (0)

දේවානන්දයේ සොහාන් ලකුණු 1000 පසු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.