Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දෝනි ඉන්දියානු මාධ්‍ය මගහරී

දෝනි ඉන්දියානු මාධ්‍ය මගහරී

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වීමට පෙර ඉන්දියානු ක‍්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ඉන්දියානු මාධ්‍ය මග හරිමින් සංචාරයට පිටත්වීම පුදුම සහගත සිදුවීමක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සති තුන ඇතුළත ඉන්දියානු ක‍්‍රිකට් කණ්ඩායම සංචාරයකට පිටත්ව ගිය දෙවැනි වතාව මෙය වන අතර එම දෙවතාවේදීම ජාතික මාධ්‍යට අදහස් නොදක්වා ඉන්දියානු කණ්ඩායම පිටත්ව යෑම සම්ප‍්‍රදාය කඩ කිරීමක් බවද ඉන්දියානු මාධ්‍ය පෙන්වා දෙයි.

සම්ප‍්‍රදයානුකූලව ඉන්දියානු ක‍්‍රිකට් කණ්ඩායම  ඕනෑම සංචාරයක් පිටත්ව යෑමට පෙර ඉන්දියානු නායකයා සහ පුහුණුකරුවා මාධ්‍ය හමුවේ පෙනී සිටියද මෙම අවස්ථාවේදී ඔවුන් එම සම්ප‍්‍රදාය කඩ කිරීම දැඩි විවේචනයට ලක්ව තිබේ.

ඉන්දියානු කණ්ඩායම අවසන් වරට දකුණු අප‍්‍රිකාවේදී, නවසීලන්තයේදී සහ ආසියානු කුසලාන තරගාවලියේ ලද පසුබෑම මත මෙසේ මාධ්‍ය මගහැරීමට ප‍්‍රධාන හේතුව බවද වැඩිදුරටත් සඳහන් වේ. ලෝක කුසලාන තරගාවලියකට පිටත්ව යන මොහොතේ මාධ්‍ය හමුවක් සංවිධානය කිරීමට ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය පියවර නොගැනීමද විවේචනයට ලක්ව තිබේ.

කෙසේ වෙතත් ඉන්දියානු ක‍්‍රිකට් ආයතනයේ ලේකම් සන්ජේ පතෙල් පවසන්නේ ඉන්දියානු කණ්ඩායම ධාකා ගුවන් තොටුපළට ගොඩබැසීමෙන් පසු මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබීම නිසා පිටත්ව යෑමට මාධ්‍ය හමුවක් සංවිධානය නොකළ බවයි.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරගාවලියකට පිටත්ව යෑමට පෙර ජාතික මාධ්‍ය ඇමතීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නීතියක් නැති බවද මේ අවස්ථාවේදී ඉන්දියානු ක‍්‍රිකට් ආයතනය කටයුතු කරනු ලබන්නේ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නිර්දේශ අනුව බවද පටෙල් වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය මාස තුන හතරක කාලය තුළදී ඉන්දියානු කණ්ඩායම ලද පසුබැසීම පිළිබඳව හිටපු ඉන්දීය ක‍්‍රිකට් නායක සුනිල් ගවස්කාර් කණ්ඩායම් ප‍්‍රධාන පුහුණුකරු ඩන්කන් ෆ්ලෙචර්ට ඇගිල්ල දිගු කර තිබේ. ගවස්කාර් පවසන්නේ ඉන්දියානු කණ්ඩායමේ පුහුණුකරු තනතුරුරෙන් ෆ්ලෙචර්ව ඉවත් කර එම තැන ඉන්දියානු හිටපු ක‍්‍රිකට් නායක රාහුල් ද්‍රාවිඞ්ට දිය යුතු බවයි.

ඉන්දියානු කණ්ඩායම තරගාවලිය ආරම්භ කිරීමට පෙර ශ‍්‍රී ලංකාව සමග ලබන 17 වැනිදා පුහුණු තරගයකට සහභාගි වන අතර ඉන්දියානු කණ්ඩායමේ පළමු තරගය 23 වැනිදා පකිස්තානය සමග පැවැත්වේ.


- 033


අදහස් (0)

දෝනි ඉන්දියානු මාධ්‍ය මගහරී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.