Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 49 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල අතර රායිපූර්හිදී අද (12 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 6 ක ජයක් අත්කර ගැනීමට දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 129 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි පිල, පන්දු 20 ක් ඉතිරිව තිබියදී කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
ආරම්භක පිතිකරු ශ්‍රෙයාස් අයියර් පන්දු 49 කදී හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 70 ක් රැස්කරමින් දිල්ලි පිල ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 119 ක් ලබාගත් අතර චෙන්නායි පිලේ වැඩිම ලකුණු ලාභියා වූ ෆෆ් ඩුප්ලෙසී පන්දු 23 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 29 ක් රැස්කළේය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ සාහිර් ඛාන් ඕවර 4 ක් යවා ලකුණු 9 කට සුරේෂ් රයිනා සහ මහේන්ද්‍ර සිං දෝනි දවාගනිමින් තරගයේ වීරයා බවට පත් විය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 6 කට 119
(ඞ්වේන් ස්මිත් 18, ෆෆ් ඩුප්ලෙසී 29, මහේන්ද්‍ර සිං දෝනි 27, සාහිර් ඛාන් 9/2, ඇල්බි මෝකල් 21/2)
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල - ඕවර 16.4 කදී කඩුලූ 4 කට 120
(ශ්‍රෙයාස් අයියර් නොදැවී 70, යුවරාජ් සිං 32, ඊෂ්වර් පාණ්ඬේ 27/2, පවන් නේගි 28/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.