Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා ඉදිරි පෙළ පිතිකරුවන් දිගු ඉනිම ගොඩ නැගීමට අසමත්වීම පාකිස්තානයට එරෙහිව එක්දින තරගාවලිය පරාජය වීමට ප‍්‍රධාන හේතුව බව ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
දෙරට අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පස්වැනි සහ අවසන් තරගය හෙට (27) අබුඩාබි ක‍්‍රීඩාංගණයේදීම දිවා/රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ. පාකිස්තානය මේ වන විට 3-1 ක් ලෙස පෙරමුණේ පසු වෙයි.
අබුඩාබි ක‍්‍රීඩාංගණයේදී ඊයේ (25) පැවැති සිවුවැනි තරගයෙන් කඩුලූ 8 කින් පරාජය වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී මැතිව්ස් මෙසේ ද අදහස් දැක්වීය.
”මම හිතන්නේ මේකේ ප‍්‍රශ්නය පාකිස්තානු කණ්ඩායම දිහා බැලූවම ඔවුන්ගේ ආරම්භයක් ලබාගත් පිතිකරුවෝ ශතකයක් කරා ගියා. නමුත් අපේ පිතිකරුවෝ ලකුණු 40 ක් 50 ක් හෝ 70 ක් ගැහුවා, විශාල ලකුණු සංඛ්‍යාවකට ගියේ නෑ. ඒක තමයි ලොකුම ප‍්‍රශ්නය වෙලා තියෙන්නේ. අපේ පිතිකරුවන්ට මේ තත්ත්වය විස`දගන්න වෙනවා”
”ලකුණු 30 ක් හෝ 40 ක් ගහලා දැවී යන්න බැ කියලා අපි දන්නවා. උඩ හතර පහෙන් පිතිකරුවකු ශතකයක් රැස් කළොත් බොහෝ අවස්ථාවල ලකුණු 300 පසු කරලා යනවා. මේක ඉක්මනට හදාගන්න බලාපොරොත්තු වෙනවා. අෂාන් ප‍්‍රියංජන් සහ කිත්රුවන් විතානගේ හොදින් ක‍්‍රීඩා කළා. ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ට සාර්ථක වෙන්න බැරි වීම ගැන මගේ කළකිරීමක් නෑ”
”මම හිතන්නේ පාකිස්තානු පිල අංශ තුනෙන්ම හොදින් ක‍්‍රීඩා කළා. විශේෂයෙන්ම ඉදිරි පෙළ පිතිකරුවන්, අපි උත්සහ කළා ඉදිරි පෙළ පිතිකරුවන් කීප දෙනෙක් දවා ගන්න, නමුත් මෙම තණතීරුවේ එය සාර්ථක කරගන්න බැරි වුණා”
”අපි සෑම විටම දැනගෙන හිටියා පාකිස්තානය සතුව හොද පන්දු යැවීමේ බල ඇණියක් ඉන්න බව, විශේෂයෙන්ම උමාර් ගුල් එකතු වුණාම තවත් ඔවුන්ගේ ශක්තිය වැඩි වුණා. ඔවුන් සෑම විටම පළමු ඕවර 10 තුළ කඩුල දෙක තුනක් දවා ගන්නවා”
ශ‍්‍රී ලංකා පිල මේ තරගයේදී ක‍්‍රීඩා කළ සංයුතිය පිළිබදව කළ විමසුමකදී මැතිව්ස් මෙසේ පැවසීය.
”මම හිතනවා අපි නිවැරදි සංයුතිය සමග මේ තරගයට ක‍්‍රීඩා කළා කියලා. මෙම තණතීරුවේ අපි වේග පන්දු යවන්නන් සමග නව සැළැස්මකට ක‍්‍රීඩා කළා. අපේ බලාපොරොත්තුව වුණේ පිතිකරුවන් 7 ක් සමග යන්න”
”අපි මේ තරගාවලියට එන විටම දැනගෙන හිටියා මේක අමාරු තරගාවලියක් බව. මේ තණතිල්ල ඉතාමත් හොද එකක්, අපි සියලූ දෙනාගෙම අදහස වුණේ ඩුබායි සහ සාජා තරම්ම මේ තණතීරුව මන්දගාමි නැති බවයි. ඒ වගේම හතරේ සීමාවත් දුරයි. අපි පළමුව ලකුණු රැස්කර ඔවුන්ට පීඩනයක් දීමට සැළසුම් කළා. නමුත් අවාසනාවකට අපි ලකුණු 225 කින් නැවතුණා. ලකුණු 225 ක් මේ තණතිරුවේ ඉතාමත් සුඵ ලකුණු සංඛ්‍යාවක්, ලකුණු 270 ක් හෝ 280 ක් රැස්කළා නම් අවස්ථාවක් තිබුණා. කෙසේ වෙතත් අපි නැවත පසු පසට ගියා”
ශ‍්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නන්ට පාකිස්තානු පිතිකරුවන් රිසිසේ ලකුණු රැස්කරද්දී අවස්ථානුකූල පන්දු යවන්නන් යොදා ගැනීමට අමතක කළේ ද යන ප‍්‍රශ්නයට ඇන්ජලෝ මෙසේ පිළිතුරු සැපයීය.
”අපිට පොඩි අවස්ථාවක් තිබුණා පන්දුව එතරම් දග කැවුණේ නෑ. සයිඞ් අජ්මාල්ගේ සහ මොහොමඞ් හෆීෂ්ගේ පන්දුත් එතරම් දග කැවුණෙ නෑ. පාකිස්තානු වේග පන්දු යවන්නෝ පළමු ඕවර කීපයේදී පන්දුව දෝලනය කර කඩුලූ දෙක තුනක් ලබා ගත්තා. අපිත් බැලූවෙ පළමු ඕවර කීපයේදී ලකුණු නැවැත්වීම නොවයි කඩුලූ දෙක තුනක් ලබාගෙන ඔවුන්ව පසු පසට දැමීමයි”
”ලකුණු 225 ක් වැනි සුඵ ලකුණු ප‍්‍රමාණයක් තියෙන විට මම හිතන්නේ කණ්ඩායමේ සිටින හොදම පන්දු යවන්නන් පළමුව යොදාගත යුතුයි. මීට පෙර අපි නවසීලන්තයට එරෙහිව ලකුණු 138 ක් ආරක්‍ෂා කරගත්දීත් මම හොදම පන්දු යවන්නන්ම තමයි යොදා ගත්තේ, ඔවුන්ට අවස්ථාව ලබා දීලා ඊට පසුව අෂාන් ප‍්‍රියංජන් සහ කිත්රුවන් වැනි පන්දු යවන්නන්ගෙන් කඩුල්ලක් ලබා ගැනීම මගේ බලාපොරොත්තුව වෙලා තිබුණේ”
”සීකුගේ ප‍්‍රසන්නට ආබාධයක් නෑ. මේ තරගයේදී ඔහුගේ අවස්ථාව වෙනත් ක‍්‍රීඩකයකුට ලබා දුන්නා” යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.
මෙම තරගාවලියේ තරග හතරේදී ශතක තුනක් රැස්කරමින් සිවුවැනි තරගයේ වීරයා බවට පත්වූ මොහොමඞ් හෆීෂ් පැවසුවේ පාකිස්ථානය තරගාවලිය ජය ලැබීම වඩාත් වැදගත් වූ බවයි.
”සාර්ථකත්වයට පත්වීමට අවස්ථාව ලැබීම පිළිබදව ගොඩක් සතුටු වෙනවා. ඊට වඩා වැදගත් තරගාවලිය ජය ලැබීමයි. මම සෑම විටම සුබවාදීව සිතුවා, මම මේ අවස්ථාව ලැබෙන තුරු සිටියේ, පීඩනය යටතේ පසු පෙළ ක‍්‍රීඩා කිරීමේ අදහසක් තිබුණා, ඉදිරි පෙළ අවස්ථාව ලබාදීම ගැන මගේ නායකයාට ස්තූතිය පළ කරනවා”
”මෙහිදී මම තණතීරුවේ වැඩි කාලයක් ගත කළා. පන්දුව හොදින් නිරීක්‍ෂණය කර පහරවල්වලට ගියා. මා එක්දින පිලේ උප නායක, විස්සයි20 පිලේ නායකයා කියලා මට කිසිදු අවස්ථාවක පීඩනයක් නෑ. නායකත්වය පන්දුවට පහර දෙන විට මට වගකීමක් පමණයි. දකුණු අප‍්‍රිකානු ටෙස්ට් තරගාවලියෙන් ඉවත් කළත් ශ‍්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියට ක‍්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා” යැයි හෆීෂ් වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.