Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධනුෂ්ක ගුණතිලකට තරග තහනමක්

ධනුෂ්ක ගුණතිලකට තරග තහනමක්

Nisanka Sandeepani - 2017 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඉන්දීයාවට එරෙහිව පැවැති එක්දින තරගාවලිය අනතරතුරදී විනය විරෝධී ලෙස හැසිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට එක්දින තරග 6 ක තහනමක් පැණවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. 

එම තරග තහනම සැප්තැම්බර් මස 30 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර ඔහුගේ වාර්ශික ක්‍රීඩක ගිවිසුමෙන් 20% ක් මුදලක් දඩ වශයෙන් අය කරගැනීමටද ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබේ. 

මේ හේතුවෙන් ඔහු පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයෙන්ද ඉවත්කර තිබේ. 

විසි හය හැවිරිදි ගුණතිලක, රාත්‍රී සමාජ ශාලාවක රැය පහන් කිරීම හේතුවෙන් පසුදින පැවැති පුහුණු සැසියකට සහභාගි වීමෙන් වැළකී සිට ඇති බවද, දිනක් සිය ක්‍රීඩා උපකරණ කට්ටලය නොමැතිව පුහුණුවීම් සඳහා පැමිණ ඇති බවද වාර්තා වේ. 

එම සිදුවීම් සම්බන්ධයෙන් කණ්ඩායමේ කලමණාකාරීත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණිළි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂණයට පසුව ක්‍රිකට් ආයතනය ඔහුට මෙම තරග තහනම පනවා ඇත. 

ඉන්දියාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ පළමු තරග දෙකට ක්‍රීඩා කළ ගුණතිලකට, උරහිසේ ආබාධයකට ලක්වීම නිසා තරගාවලියේ ඉතිරි තරග තුන අහිමිවී ගියේය. 

මේ වන විට එක්දින තරග 28 කට සහභාගි වී ඇති ගුණතිලක එහිදී ශතකයක් සහ අර්ධ ශතක 7 ක් සමගින් ලකුණු 886 ක් රැස්කර ගෙන සිටියි. මේ වසරේ ජූලි මාසයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව රැස්කළ ලකුණු 116 ගුණතිලකගේ හොඳම එක්දින ඉනිම ලෙස සටහන්වන අතර ඔහුගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 32.81 ක අගයක් ගනියි. 

-036


අදහස් (1)

ධනුෂ්ක ගුණතිලකට තරග තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.