Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ෂේන් සෙනෙවිරත්න)
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී පැවැති ධර්මරාජ - කිංස්වුඩ් 36 වැනි සීමිත ඕවර ක්‍රිකට් තරඟයෙන් ලකුණු 86ක ජයක් වාර්තා කිරීමට ධර්මරාජ පිල සමත් විය.
කාසියේ වාසිය දිනූ ධර්මරාජ පිලේ නායක පළිඳු පෙරේරා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව ඔව්හු ඕවර 50 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 252 ක් රැස්කිරීමට සමත් වූහ.
ධර්මරාජ පිලේ 4 වැනි කඩුල්ල වෙනුවෙන් ලක්වින් අබේසිංහ සහ තරිඳු වර්ණකුලගේ ලකුණු 124 ක අති විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය.
ධර්මරාජ විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ට 252 යි
(කාශ්‍යප දිසානායක 29, ඉසුරු පන්නල 16, තරිඳු වර්ණකුලගේ 50, ලක්වින් අබේසිංහ 67, කවිදු ගුණරත්න 48, ඔනිජ සේසත් 13, චනුල් කොඩිතුවක්කු 47/2, කෙනුල පිළියන්ග 34/2)
කිංස්වුඩ් විදුහල - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 166 යි
(චනුල් කොටිතුවක්කු 22, ආදිල් ෂෙරිෆ් 18, කවීජ ගමගේ 42, යෝෂිත් අබේකෝන් 19, නිකේෂල නානායක්කාර 25, තීක්ෂණ දංගම්පොළ 14, නිසල අබේරත්න 35/2, සුමේධ ප්‍රසාද් 17/3, දක්ෂික මනුකල්ප 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.