Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර බ්‍රිස්බේන් නුවරදී අද (30 වැනිදා) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 150 ක් ලබාගත්තේය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු නජ්මුල් හොසේන් පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 71 ක් රැස්කළේය. තෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක සකීබ් අල් හසන් (23) සමග එක්ව පන්දු 44 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද නජ්මුල් සමත් විය.
පන්දු 20 කදී වාර්තා වූ සකීබ්ගේ ඉනිමට හතරේ පහරක් ඇතුළත් වූ අතර පන්දු 19 කට මුහුණදුන් අෆීෆ් හොසේන් එහිදී ලකුණු 29 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි. ලිටන් දාස් පන්දු 12 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 14 ක් රැස්කළේය.
බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 7 කට 150
(නජ්මුල් හොසේන් 71, සකීබ් අල් හසන් 23, අෆීෆ් හොසේන් 29, ලිටන් දාස් 14, බ්ලෙසිං මුසරබානි 13/2, රිචඩ් න්ගාරාවා 24/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.