Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ට්‍රිනිඩෑඩ්හිදී ඊයේ (18 වැනිදා) පැවැති පළමු තරගයේදී ගයනා ඇමසන් වොරියර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනාගත් ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක කිරන් පොලාඩ් පළමුව පන්දුවට පහරදීමට ගයනා ඇමසන් වොරියර්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 17 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 144 ක් රැස්කිරීමට ඔවුහු සමත්වූහ. වර්ෂාව හේතුවෙන් තරගය ඕවර 17 කට සීමාවිය.
එහිදී ශිම්රන් හෙට්මයර් පන්දු 44 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 63 ක් රැස්කරමින් ගයනා ඇමසන් වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය. රොස් ටේලර් පන්දු 21 කදී හයේ පහර සහ හතරේ පහර දෙක බැගින් ලබාගනිමින් සිය කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්විය.
සිය ඕවර 4 ලකුණු 19 කට සීමාකළ සුනිල් නරේන් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 145 ක ඉලක්කයක් හඹාගිය ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම ඕවර 16.4 කදි කඩුලු 6 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.
පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වූ ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සුනිල් නරේන් පන්දු 28 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 50 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණයට අඩිතාලම දැමීය. ඩැරන් බ්‍රාවෝ පන්දු 27 කදී හයේ පහර දෙකක් සමගින් ලකුණු 30 ක් රැස් කළේය.
ගයනා ඇමසන් වොරියර්ස් - ඕවර 17 කදී කඩුලු 5 ක් දැවී 144
(ශිම්රන් හෙට්මයර් 63, රොස් ටේලර් 33, නිකලස් පූර්න් 18, කීමෝ පෝල් නොදැවී 15, සුනිල් නරේන් 19/2)
ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් - ඕවර 16.4 කදී කඩුලු 6 ක් දැවී 147
(සුනිල් නරේන් 50, ඩැරන් බ්‍රාවෝ 30, ලෙන්ඩ්ල් සිමන්ස් 17, කොලින් මුන්රෝ 17, නවීන් උල් හක් 21/2, ඉම්රාන් තහීර් 40/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.