Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තයට කඩුලු 3 ක ජයක්

නවසීලන්තයට කඩුලු 3 ක ජයක්

ශනුක අරවින්ද - 2015 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියේ 6 වැනි තරගය ලෙස නවසීලන්තය සහ ස්කොට්ලන්තය අතර අද (17 වැනිදා) පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 3 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්ත පිල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 143 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත පිල  ඕවර 24.5 ක් අවසානයේ කඩුලූ 7 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

නවසීලන්ත පිලේ වැඩිම ලකුණු ලාභියා වූ කේන් විලියම්සන් පන්දු 45 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 38 ක් රැස්කළේය.

ජොෂ් ඬේවි (40/3) සහ ඉයන් වෝඞ්ලෝ (57/3) ස්කොට්ලන්ත පිල වෙනුවෙන් කඩුලූ 3 බැගින් දවාගැනීමට සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත පිලට  ඕවර 36.2 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 142 ක් පමණි.

ස්කොට්ලන්ත ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 141 කදී ලකුණු 97 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට මැට් මචන් (56) සහ රිචී බෙරින්ග්ටන් (50) සමත් වූහ.

පන්දු 79 කදී වාර්තා වූ මැට් මචන්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 80 කදී වාර්තා වූ රිචී බෙරින්ග්ටන්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

ස්කොට්ලන්ත පිලේ පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දවාගැනීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. ඉන් පස්දෙනෙක්ම දැවී ගියේ ලකුණු ලබාගැනිමට පෙරාතුවය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ කෝරි ඇන්ඩන් ලකුණු 18 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත් වූ අතර ස්කොට්ලන්ත ඉනිම සුනුවිසුණු කිරීම සඳහා ලකුණු 24 කට කඩුලූ 3 ක් දවාගත් ඩැනියෙල් විටෝරිගෙන් ඔහුට මනා සහයක් හිමිවිය.

ස්කොට්ලන්තය -  ඕවර 36.2 කදී සියලූ දෙනා දැවී 142
(මැට් මචන් 56, රිචී බෙරින්ග්ටන් 50, මැතිව් ක්‍රොස් 14, කෝරි ඇන්ඩන් 18/3, ඩැනියෙල් විටෝරි 24/3, ටෙ‍්‍රන්ට් බෝල්ට් 21/2, ටිම් සවිති 35/2)

නවසීලන්තය -  ඕවර 24.5 කදී කඩුලූ 7 ක් දැවී 146
(මාටින් ගප්ටිල් 17, බ්‍රෙන්ඩන් මැකලම් 15, කේන් විලියම්සන් 28, ග‍්‍රාන්ට් එලියට් 29, ඉයන් වෝඞ්ලෝ 57/3, ජොෂ් ඬේවි 40/3)

036


අදහස් (0)

නවසීලන්තයට කඩුලු 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.