Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්තයට කඩුලු 4 ක ජයක්

නවසීලන්තයට කඩුලු 4 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානය සහ නවසීලන්තය අතර සාජා අන්තර් ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 4 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්තය සමත්විය.

ජයග‍්‍රහණය ලකුණු 253 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත පිතිකරුවෝ කඩුලූ 8 ක් පමණක් දැවී පන්දු 24 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියහ.

එහිදී අගනා ඉනිමක් කී‍්‍රඩා කළ නවසීලන්ත පිලේ නායක කේන් විලියම්සන් පන්දු 91 කට මුහුණ දෙමින් හතරේ පහර 7 ක් සමගින් ලකුණු 70 ක් ලබා තරගය නිමා වන තෙක්ම කඩුල්ලේ රැදීසිටියේය.

නවසීලන්ත පිලේ ආරම්භක පිතිකරුවන් වන ඞීන් බ‍්‍රවුන්ලී (47) සහ ඇන්ටන් ඩෙව්සිච් (58) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 110 කදී ලකුණු 103 සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන පිල  ඕවර 48.3 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 252 ක් ලබාගත්තේය.

පාකිස්තාන ඉනිමේ එකම වැඩිම ලකුණු ලාභියා මෙන්ම අර්ධ ශතක ලාභියාද වූ මොහොමඞ් හෆීස්, පන්දු 92 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 76 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මැට් හෙන්රි ලකුණු 45 කට කඩුලූ 4 ක් දවාගනිමින් පාකිස්තාන පිකිරුවන් අසරණ තත්ත්වකට ඇද දැමූ අතර ලකුණු 56 කට කඩුලූ 3 ක් දවාගත් මිචෙල් මැක්ලෙනගන් ඔහුට අගනා සහයක් දුන්නේය.


පාකිස්තානය - ඕවර 48.3 කදී සියලූ දෙනා දැවී 252
(මොහොමඞ් හෆීස් 76, හැරිස් සොහේල් 33, මිස්බා උල් හක් 47, සෆ්රාස් අහමඞ් 23, ශහීඞ් අෆ්රිඩි 27, වහබ් රියාස් 14, සොහේල් තන්වීර් 14, මැට් හෙන්රි 45/4, මිචෙල් මැක්ලෙනගන් 56/3, ඇඩම් මිලන් 53/2)

නවසීලන්තය - ඕවර 46 කදී කඩුලූ 6 ක් දැවී 255
(ඞීන් බ‍්‍රවුන්ලී 47, ඇන්ටන් ඩෙව්සිච් 58, කේන් විලියම්සන් නොදැවී 70, ලූක් රොන්චි 36, ඩැනියෙල් විටෝරි නොදැවී 13, හැරිස් සොහේල් 48/3, ශහීඞ් අෆිරිඩි 47/2)

 

- 036


අදහස් (0)

නවසීලන්තයට කඩුලු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.