Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට නවසීලන්ත පිල අද (24) සමත් විය. නවසීලන්ත ක‍්‍රිකට් ඉතිහාසයේ ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වේ.
ඕක්ලන්ඞ්හිදී අද පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී සත්කාරක නවසීලන්ත පිල කඩුලූ 4 කින් දකුණු අප‍්‍රිකාව පරාජය කළේය.
නවසීලන්ත පිතිකරුවෝ ලකුණු 298 ක ඉලක්කය ඕවර 42.5 කදී කඩුලූ 6 ක් දැවී සම්පූර්ණ කළේය.
ඬේන් ස්ටෙයින් යැවූ අවසන් ඕවරයට නවසීලන්තයට ලකුණු 12 ක් ලබා ගැනීමට සිදුවූ අතර අවසන් පන්දු දෙකට ලකුණු 5 ක් අවශ්‍යව තිබියදී ග්‍රොන්ට් එලියට් හයේ පහරකින් තරගය අවසන් කළේය.
ග්‍රොන්ට් එලියට් පන්දු 73 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 84 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
ග්‍රොන්ට් එලියට් (නොදැවී 84) සහ කොරි ඇන්ඩසන් (58) පස්වැනි කඩුල්ලට ලකුණු 102 ක සම්බන්ධතාවක් පවත්වමින් දකුණු අප‍්‍රිකාව වෙතින් ජයග‍්‍රහණය උදුරා ගැනීමට සමත් වූහ.
බ්‍රෙන්ඩන් මැකලම් අනගි ආරම්භයක් ලබා දෙමින් පන්දු 26 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 59 ක් රැස් කිරීමට සමත් විය.
පළමුව පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු පිල ඕවර 43 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 281 ක් රැස් කිරීමට සමත් විය. නවසීලන්තයට ජයග‍්‍රහණය සදහා ඕවර 43 කදී ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 298 ක ඉලක්කයක් බාර විය.
වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවීමෙන් ඉනිමක් ඕවර 43 කට සීමා විය. දකුණු අප‍්‍රිකානු ඉනිමේ 38 වැනි ඕවරය අවසන් වීමත් සමඟ වාර්ෂාව ඇද හැලූණු අතර ඒ වන විට දකුණු අප‍්‍රිකාව කඩුලූ 3 ක් දැවී ලකුණු 216 ක් රැස්කර සිටියේය.
ඬේවිඞ් මිලර් පන්දු 18 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක සමගින් ලකුණු 49 ක් රැස්කරමින් නවසීලන්තයට දැවැන්ත අභියෝගයක් යොමු කළේය.
ෆෆ් ඩූ ප්ලීසිස් (82) සහ ඒ. බී. ඩිවිලියස් (නොදැවී 65) සිවුවැනි කඩුල්ලට ලකුණු 103 ක වේගවත් සම්බන්ධතාවක් පැවැත්වමින් ප‍්‍රබල තත්ත්වයට රැගෙන ඒමට සමත් වූහ.
කුවින්ටන් ඩි කොක් (14) පන්දු යවන්නන්ගේ ග‍්‍රහණයෙන් මිදීමේ අරමුණින් වේගවත් පහරකට යෑමෙන් ටේරන්ට් බෝල්ට්ගේ පන්දුවකට දැවී ගියේය.
හෂීම් අම්ලා ලකුණු 10 ක් ලබා සිටියදී සිවුවැනි ඕවරයේදී පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.
දකුණු අප‍්‍රිකානු නායක ඒ. බී. ඩිවිලියස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.