Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානයට එරෙහිව අබුඩාබිහි ශෙයික් සයිඞ් අන්තර් ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පස්වැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 68 ක ජයක් ලැබූ නවසීලන්ත පිල, දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය තරග 3-2 ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 276 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන පිල ලකුණු 207 කට සීමා කිරීමට මැට් හෙන්රි ප‍්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.
ලකුණු 30 කට කඩුලූ 5 ක් දවාගනිමින් පාකිස්තාන ඉනිම අඩපණ කළ මැට් හෙන්රි, තරගයේ වීරයා බවට පත්වූ අතර තරගාවලිය පුරා ලකුණු අතර සිටි නවසීලන්ත පිලේ නායක කේන් විලියම්සන්, තරගාවලියේ වීරයා බවට පත්විය.
අහමඞ් ශේෂාඞ් (54) සහ හැරිස් සොහේල් (65) පාකිස්තාන පිල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වුවද තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැුගෙන යෑමට තරම් ඔවුන්ගේ උත්සහයන් ප‍්‍රමාණවත් නොවීය.
පන්දු 81 කදී වාර්තා වූ අහමඞ් ශේෂාඞ්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 74 කදී වාර්තා වූ හැරිස් සොහේල්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.
කසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල කඩුලූ 4 ක් දැවී ලකුණු 275 ක් ලබාගැනීමට සමත්විය.
නවසීලන්ත පිලේ නායක කේන් විලියම්සන් පන්දු 119 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 97 ක් ලබා සිටියදී ඉතා අවාසනාවන්ත ලෙස සහීඞ් අෆ්රිඩිගේ පන්දුවක් හමුවේ කඩුලූ රකින කී‍්‍රඩක සෆ්රාස් අහමඞ් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.
රොස් ටේලර් නොදැවී ලකුණු 88 ක් රැස්කරමින් නවසීලන්ත ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදීසිටි අතර පන්දු 95 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.
නවසීලන්ත ඉනිමේ අවසන් පන්දු කිහිපයේදී ලකුණු වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ ටොම් ලේතම් පන්දු 14 කදී හතරේ පහර 4 ක් සමගින් නොදැවි ලකුණු 22 ක් රැස්කළේය.
නවසීලන්තය - ඕවර 50 කදී කඩුලූ 4 ක් දැවී 275
(ඞීන් බ‍්‍රවුන්ලී 34, කේන් විලියම්සන් 97, රොස් ටේලර් නොදැවී 88, ලූක් රොන්චි 16, ටොම් ලේතම් නොදැවී 22, මොහොමඞ් ඉර්ෆාන් 62/2)
පාකිස්තානය - ඕවර 43.3 කදී සියලූ දෙනා දැවී 207
(අහමඞ් ශේෂාඞ් 54, හැරිස් සොහේල් 65, සෆ්රාස් අහමඞ් 26, අන්වර් අලී 18, මැට් හෙන්රි 30/5, නේදන් මැකලම් 59/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.