Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ 14 වැනි සතිය නිමාවන විට ඡන්ද 7453 ක් ලබාගනිමින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට ගාල්ල මහින්ද විදුහලේ නවෝද් පරණවිතාන සමත්ව සිටියි. 13 වැනි සතිය තුළදී ඡන්ද 5448 ක් ලබාගනිමින් එම කාණ්ඩයේ පෙරමුණට පැමිණි පරණවිතාන, ඉකුත් තුළදී සිය ඡන්ද ගොන්නට තවත් ඡන්ද 402 ක් එක්කරගෙන තිබේ.
තරගයේ 13 වැනි සතියේදී සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පළමු ස්ථානයේ සිට දෙවැනි ස්ථානය දක්වා ඇද වැටුණ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ සුඛිත මනෝජ්, ගෙවීගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 145 ත් සමගින් මේ වන විට ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 3005 කි. ඒ අනුව පරණවිතාන සහ සුඛිත අතර පළමු සහ දෙවැනි ස්ථාන සඳහා පවතින පරතරය ඡන්ද 4448 කි.
කොළඹ නාලන්දා විදුහලේ සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහලේ ක්‍රීඩකයන් දෙදෙනෙක් වන ලක්ෂිත රසාංජන සහ නවුෂාන් රෆීල් ඡන්ද 1397 ක් සහ 987 ක් බැගින් ලබා පිළිවෙලින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති.
නැගී එන කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින ගම්පහ ශාන්ත පීතර විදුහලේ විෂල් රුක්ෂාන් ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද සංඛ්‍යාව 3567 සිට 3975 ක් දක්වා ඉහළ දමාගෙන තිබේ. ඔහුට වඩා ඡන්ද 1290 ක් පසුපසින් සිටින බලංගොඩ ආනන්ද මෛත්‍රී විදුහලේ ලිතිජ කල්හාර ඡන්ද 2685 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ.
බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්ව සිටින රත්ගම දේපතිරාජ විදුහලේ සත්‍යා සංදීපනී, ඡන්ද 235 ක් ලබා සිටින අතර නුගේගොඩ අනුලා විදුහලේ සිත්මි නිරාෂා ඡන්ද 38 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ පසුවන්නීය.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර්, ඬේලි එෆ්.ටී. සහ ටැමිල් මිරර් යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.
තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමේ අවස්ථාව නොවැම්බර් මස 1 වැනිදා සිට ආරම්භ විය. කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේද පළකෙරේ.
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසුගිය සතියේ ජයග්‍රාහකයෝ
1 හේමමාලිනි රන්තිලකගේ, 426/38, එච්.පී.ටී. වැලිපිල්ලෑව, ගණේමුල්ල
2 විහඟ වේරගෝස, 97, දේවල පාර, කටුබැද්ද, මොරටුව
3 නිපුන් හර්ෂ ප්‍රනාන්දු, 8, ශාන්ත පීතර වීදිය, මොරටුමුල්ල, මොරටුව
4 හේමා නවරත්න, ‘රාවනාර’, ඉස්වැටිය වත්ත, නාරංමුල්ල
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.