Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර එංගලන්තයේදී පැවැත්වෙන අළුබඳුන තරගාවලියේ තෙවැනි තරගයේ පළමු දිනය නිමා වන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන ඕස්ටේ‍්‍රලියා පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 303 ක් ලබා සිටියේය.
දිනය අවසන් වන විට නායක මයිකල් ක්ලාක් (නොදැවී 125) සහ ස්ටීවන් ස්මිත් (නොදැවී 70) ලබා පන්දුවට පහරදෙමින් කඩුල්ලේ රැදී සිටියහ. ඔවුන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ නොබිඳුන සම්බන්ධතාවය ලකුණු 174 කි.
නායකත්වයේ ඉනිමක් දියත් කළ මයිකල් ක්ලාක් ශතකයට හතරේ පහර 17 ක් අන්තර්ගත විය.
ඕස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරු කි‍්‍රස් රොජර්ස් හතරේ පහර 14 ක් සමගින් ලකුණු 84 ක් රැස් කර සිටියදී ග‍්‍රැහැම් ස්වෝන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරිමේ වරදට හසූවී දැවීගියේය.
ඕස්ටේ‍්‍රලියා පිල කඩුලූ 3 කට ලකුණු 303
(ෂේන් වොට්සන් 19, කි‍්‍රස් රොජර්ස් 84, මයිකල් ක්ලාක් නොදැවී 125, ස්්ටීවන් ස්මිත් නොදැවී 70, ග‍්‍රෑහැම් ස්වෝන් 82/2)
(*)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.