Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙවර අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේදී කඩුලු 100 කඩයිම පසුකර යෑමට මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල් කණ්ඩායමේ උප නායක කවිඳු මඳුරංග සමත්ව සිටියි.
මේ දක්වා තරග 13 කට ක්‍රීඩා කර ඇති මෙම වමත් දඟපන්දු යවන්නා එහිදී කඩුලු සංඛ්‍යාව 101 ක් බිඳහෙළා ඇති අතර ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍ය 9.23 ක අගයක් ගනී. මේ දක්වා කඩුලු 100 කඩයිම පසුකළ එකම තෙවැනි කොටසේ ක්‍රීඩකයා වන්නේද කවිඳුය.
සහභාගි වූ තරග 13 න් තරග දෙකකදී හැරුණුකොට සෙසු සෑම තරගයකම එක් ඉනිමකදී හෝ කඩුලු 5 කට වැඩියෙන් දවාගැනීමටද ඔහු සමත් වී ඇත. ඊට තරගයකදී කඩුලු 10 කට වඩා දවාගත් අවස්ථා 2 ක් සහ ඉනිමකදී කඩුලු 5 කට වැඩියෙන් දවාගත් අවස්ථා 12 ක් ඇතුළත් වේ.
වේයන්ගොඩ බණ්ඩාරනායක විදුහලට එරෙහිව පැවැති තරගයකදී ලකුණු 74 කට කඩුලු 14 ක් දවාගැනීම කවිඳුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ. ඊට අමතරව මීරිගම ඩී.එස්. සේනානායක විදුහලට එරෙහිව පැවැති තරගයකදීද ලකුණු 76 කට කඩුලු 10 ක් දවාගැනීමට ඔහු සමත් විය.
කණ්ඩායමට අවශ්‍යම අවස්ථාවලදී පිත්තෙන්ද දස්කම් දක්වන කවිඳු, ඉකුත් වසරේ (2018) පැවැති පාසල් ක්‍රිකට් ක්‍රීඩක සම්මාන උළෙලේදී තෙවැනි කොටසේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා අනු ශූරතාවටද හිමිකම් කීවේය. ඔමිල වික්‍රමසිංහ මහතා ඔහුගේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.