Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නාලන්දා විද්‍යාලය අවසන් පූර්ව වටයට

නාලන්දා විද්‍යාලය අවසන් පූර්ව වටයට

Nisanka Sandeepani - 2019 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලය සමත්විය.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට නාලන්දා විද්‍යාලය සමත්විය.

ලක්ෂිත රසාංජන (87) අර්ධ ශතකයක් සහ ලකුණු 50 කට කඩුලු 5 ක් දවාගනිමින් තුන් ඉරියව් දස්කම් දැක්වීය. අවිෂ්ක පෙරේරා (84), සහ චමිඳු විජේසිංහ (62) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන්ද කවීෂ් මදුරප්පෙරුම කඩුලු 4 ක් දවාගනිමින් නාලන්දා විද්‍යාලය අවසන් පූර්ව වටය සඳහා රැගෙන යාමට සමත්වූහ.

නාලන්දා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 101.5 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 350
(අවිෂ්ක පෙරේරා 84, ලක්ෂිත රසාංජන 87, චමිඳු විජේසිංහ 62, රවීන් ද සිල්වා 29, දිල්හාර පොල්ගම්පොල 26, අයේෂ් හර්ෂණ 109/3, යොහාන් ලියනගේ 45/2, සඳරු ඩයස් 101/2)

තර්ස්ටන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 65 කදී සියලුදෙනා දැවී ලකුණු 241
(නිමේෂ් පෙරේරා නොදැවී 64, යොහාන් ලියනගේ 43, ජයවිහාන් මහවිතාන 35, රනේෂ් සිල්වා 33, ලක්ෂිත රසාංජන 50/5, කවීෂ් මදුරප්පෙරුම 61/4)

නාලන්දා විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 6 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 35
(අවිෂ්ක පෙරේරා 26)


අදහස් (0)

නාලන්දා විද්‍යාලය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.