Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නිකලස් පූරන් කොදෙව් ජය ඉක්මන් කරයි

නිකලස් පූරන් කොදෙව් ජය ඉක්මන් කරයි

editorial - 2024 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ටි්‍රනිඩෑඞ්හි බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (23 වැනිදා) පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට කොදෙව්වෝ සමත් වූහ. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද කොදෙව් කණ්ඩායමට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 175 ක ඉලක්කයක් හඹාගිය කොදෙව්වෝ පන්දු 13 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නිකලස් පූරන් පන්දු 26 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 65 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ඇලික් අතෑන්ස් (40) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ශායි හෝප් (51) ඉන් නොනැවතී පූරන් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් කොදෙව් ජයග්‍රහණය සඳහා මාවත විවර කළේය. 

පන්දු 36 කට මුහුණදුන් හෝප් හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 30 කදී වාර්තා වූ අතෑන්ස්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. ඔවුන් දෙදෙනොම පිටියෙන් ඉවත් කරනු ලැබුවේ ඔට්නීල් බාට්මන් විසිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 174 ක් ලබාගත් අතර මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දී, හුදෙකලා පිතිහරඹයක නිරත වූ ටි්‍රස්ටස් ස්ටබ්ස් පන්දු 42 කදී ලකුණු 76 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි. 

පැටි්‍රක් කෲකර් (44) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 50  කදී ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ස්ටබ්ස්, ඉන් නොනැවතී බෝන් ෆෝචූන් (11) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 25 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක්ද ගොඩගනමින් දකුණු අප්‍රිකානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 


දකුණු අප්‍රිකානු පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 174
(ටි්‍රස්ටන් ස්ටබ්ස් 76, පැටි්‍රක් කෲකර් 44, මැතිව් ෆෝඞ් 27/3, ශාමර් ජොෂප් 40/2) 

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 17.5 කදී කඩුලු 3 කට 176 
(ඇලික් අතෑන්ස් 40, ශායි හෝප් 51, නිකලස් පූරන් නොදැවී 65, ඔට්නීල් බාට්මන් 30/2) 


-036 
 


අදහස් (0)

නිකලස් පූරන් කොදෙව් ජය ඉක්මන් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.