Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (8 වැනිදා) පැවැති තරගයකදී නුගේගොඩ පිලට එ රෙහිව ලකුණු 156 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට රාගම පිල සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් රාගම පිල ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 339 ක් රැස්කිරීමට සමත්විය.
එහිදී ශතකයක් ලබාගත් නිෂාන් මදුෂ්ක රාගම පිල ලකුණු 300 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය. පන්දු 133 කට මුහුණදුන් නිෂාන් මදුෂ්ක හයේ පහර 2 ක් සහ හතරේ පහර 18 ක් සමගින් ලකුණු 165 ක් ලබාගැනීමට සමත්විය.
අවිෂ්ක තරිඳු ලකුණු 45 ක්, තෙවිඳු දික්වැල්ල ලකුණු 38 ක්, ජනිත් ලියනගේ ලකුණු 35 ක් සහ ඉෂාන් ජයරත්න නොදැවී ලකුණු 31 ක් ලබාගනිමින් රාගම පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 340 ක ඉලක්කයක් හඹාගිය නුගේගොඩ පිලට ඕවර 42.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 183 ක් පමණි.
එහිදී නයන ප්‍රනාන්දු පන්දු 66 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 54 ක් සහ කෙවින් පෙරේරා පන්දු 66 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 48 ක් ලබාගැනීමට සමත්විය. රනිත ලියනාරච්චි පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 35 ක් ලබාගත්තේය.
පන්දුවෙන් දස්කම් දැක්වූ ඉෂාන් ජයරත්න ලකුණු 35 කට කඩුලු 5 ක් සහ කල්හාර සේනාරත්න කඩුලු 3 ක් දවාගනිමින් නුගේගොඩ පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.
තවත් තරග 9 ක් අද පැවැති අතර එහිදී ජයග්‍රහණ වාර්තා කිරීමට එස්.එස්.සී, ගාල්ල, පොලිස්, කෝල්ට්ස්, එන්.සී.සී, සී.සී.සී, නාවික හමුදාව, යුද හමුදාව සහ මේරියන්ස් යන කණ්ඩායම් සමත්විය.
රාගම පිලේ නිෂාන් මදුෂ්ක සහ පොලිස් පිලේ ගිතාන්ෂ් කීරා ශතක ලබාගනිමින් අද දිනයේදී පිත්තෙන් දස්කම් දැක්වූහ.
එස්.එස්.සී පිලේ සසික දිල්ෂාන් කඩුලු 7 ක් ද, මූවර්ස් පිලේ දිනුක දිල්ෂාන් කඩුලු 6 ක් ද, රාගම පිලේ ඉෂාන් ජයරත්න සහ හලාවත මේරියන්ස් පිලේ පුලින තරංග කඩුලු 5 බැගින් ලබාගනිමින් පන්දුවෙන් දස්කම් දක්වූහ.
රාගම පිලට ලකුණු 156 ක ජයක්
නුගේගොඩ සහ රාගම කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
රාගම - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 339
(නිෂාන් මදුෂ්ක 165, තෙවිඳු දික්වැල්ල 38, ජනිත් ලියනගේ 35, අවිෂ්ක තරිඳු 45, ඉෂාන් ජයරත්න නොදැවී 31, අරවින්ද ප්‍රේමරත්න 55/2)
නුගේගොඩ - ඕවර 42.2 කදී සියලුදෙනා දැවී 183
(නයන ප්‍රනාන්දු 54, කෙවින් පෙරේරා 48, රනිත ලියනාරච්චි 34, ඉෂාන් ජයරත්න 35/5, කල්හාර සේනාරත්න 31/3)
එස්.එස්.සී පිලට ලකුණු 19 ක ජයක්
මූවර්ස් සහ එස්.එස්.සී කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී
එස්.එස්.සී - ඕවර 31.2 කදී සියලුදෙනා දැවී 120
(දසුන් ශානක 43, කවිෂ්ක සේනාධීර නොදැවී 27, දිනුක දිල්ෂාන් 41/6, චානුක දිල්ෂාන් 21/2)
මූවර්ස් - ඕවර 24 කදී සියලුදෙනා දැවී 101
(සොහාන් ද ලිවේරා 59, සසික දිල්ෂාන් 28/7, නිපුන් ධනංජය 33/3)
ගාල්ල පිලට කඩුලු 8 ක ජයක්
කුරුණෑගල යොවුන් සහ ගාල්ල කණ්ඩායම් අතර දොඹගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී
කුරුණෑගල යොවුන් - ඕවර 39 කදී සියලුදෙනා දැවී 121
(ගයාන් මනීෂාන් 40, දුලාජ් රණතුංග 23, දිල්ෂාන් කොල්ලුරේ 20, චතුර ලක්ෂාන් 23/3, හරීන් බුද්දිල 14/2, රවිඳු සෙම්බුකුට්ටිගේ 15/2)
ගාල්ල - ඕවර 28.3 කදී කඩුලු 2 ක් දැවී 122
(දිල්ෂාන් කාංචන නොදැවී 63, තෙවින් අමරසිංහ 45)
පොලිස් පිලට කඩුලු 4 ක ජයක්
පොලිස් සහ සෙබස්තිනයිට්ස් කණ්ඩායම් අතර පොලිස් ක්‍රීඩාංගණයේදී
සෙබස්තිනයිට්ස් - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 215
(අක්ෂ්දීප් නාත් 20, ශශ්‍රීක පුස්සේගොල්ල 34, ළහිරු ප්‍රනාන්දු 20, සචිත ජයතිලක 26, තරිඳු රත්නායක නොදැවී 47, නුවන් ප්‍රදීප් 37/2, නදීර බාලසූරිය 47/2)
පොලිස් - ඕවර 35.5 කදී කඩුලු 6 ක් දැවී 218
(චතුරංග ජයතිලක 45, ගිතාන්ෂ් කීරා නොදැවී 107, චාමර සිල්වා 23, නදීර බාලසූරිය 22, සචිත ජයතිලක 35/2, ශශ්‍රීක පුස්සේගොල්ල 50/2)
කෝල්ට්ස් පිලට කඩුලු 6 ක ජයක්
කළුතර නාගරික සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
කළුතර නාගරික - ඕවර 42.4 කදී සියලුදෙනා දැවී 149
(විශාර ප්‍රනාන්දු 26, ඉංශක සිරිවර්ධන 38, දිනෙත් ජයකොඩි 22, ටී.වීරසිංහ 25, රොහාන් සංජය 35/4, අකිළ ධනංජය 31/2)
කෝල්ට්ස් - ඕවර 32.4 කදී කඩුලු 4 ක් දැවී 150
(සංගීත් කුරේ නොදැවී 69, විශාද් රන්දික 44, ඉංශක සිරිවර්ධන 37/3)
එන්.සී.සී. පිලට කඩුලු 3 ක ජයක්
බ්ලූම්ෆීල්ඩ් සහ එන්.සී.සී කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
බ්ලූම්ෆීල්ඩ් - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 214
(යෂ්පාල් සිං 84, මාධව වර්ණපුර 45, රංමිත් ජයසේන නොදැවි 37, සචිඳු කොළඹගේ 43/3, අසෙල් සිගේරා 36/2)
එන්.සී.සී - ඕවර 49 කදී කඩුලු 7 ක් දැවී 217
(උපුල් තරංග 37, කවින් බණ්ඩාර 34, අහන් වික්‍රමසිංහ 21, සහන් ආරච්චිගේ නොදැවී 53, චානක කොමසාරූ 25/2)
සී.සී.සී පිලට ලකුණු 17 ක ජයක්
බී.ආර්.සී සහ සී.සී.සී කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
සී.සී.සී - ඕවර 37.5 කදී සියලුදෙනා දැවී 192
(පවන්ත වීරසිංහ 35, පවන් රත්නායක 44, චමිඳු විජේසිංහ 44, සචින්ත පිරීස් 29/3, දුවිඳු තිලකරත්න 42/3, රසාංජන සිල්වා 30/2)
බී.ආර්.සී - ඕවර 43 කදී සියලුදෙනා දැවී 175
(දුෂාන් හේමන්ත 28, ළහිරු සමරකෝන් 84, චමිඳු විජේසිංහ 25/3, අෂාන් ප්‍රියංජන් 36/3)
මේරියන්ස් පිලට කඩුලු 4 ක ජයක්
පානදුර සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර කටුනායකදී
පානදුර - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 243
(ලක්ෂාන් රොද්‍රිගූ 53, රොෂාන් විජේනායක 61, සංජය චතුරංග 30, තරිඳු කෞෂාල් 30, කොෂාන් ධනුෂ්ක 36, පුලින තරංග 46/5, ගෞරව් ජාතර් 23/2)
මේරියන්ස් - ඕවර 48.3 කදී කඩුලු 6 ක් දැවී 244
(කසුන් විදුර 73, ගෞරව් ජාතර් 48, අනුජ් ජෝතින් 40, පුලින තරංග 22, රවීන් යසස් නොදැවී 29, කොෂාන් ධනුෂ්ක 39/3)
නාවික හමුදා පිලට ලකුණු 28 ක ජයක්
ගුවන් හමුදාව සහ නාවික හමුදාව අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී
නාවික හමුදාව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 204
(සුපුන් ලීලාරත්න 94, මදුර මදුශංක 27, ගයාන් සිරිසෝම 30/3, මොවින් සුබසිංහ 30/2)
ගුවන් හමුදාව - ඕවර 43.3 කදී සියලුදෙනා දැවී 176
(රජිත රත්නායක 26, සිතිජ චමෝද් 26, මොවින් සුබසිංහ 62, ලසඳ රුක්මාල් 21, සචිත්‍ර සේනානායක 40/4, කසුන් ඒකනායක 39/3)
යුද හමුදා පිලට ලකුණු 103 ක ජයක්
කැන්ඩි කස්ටම්ස් සහ යුද හමුදා කණ්ඩායම් අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී
යුද හමුදාව - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 270
(ශොහාන් ප්‍රනාන්දු 87, ලක්ෂාන් ප්‍රනාන්දු 23, අසේල ගුණරත්න 63, සීකුලේ ප්‍රසන්න නොදැවී 32, තරිඳු රුක්ෂාන් 34/2, අරුල් ප්‍රකාෂ් 80/2)
කැන්ඩි කස්ටම්ස් - ඕවර 39.2 කදී සියලුදෙනා දැවී 167
(විරාජ් දීපාල් 22, සජිත් ප්‍රියාල් 39, මිතුන් ජයවික්‍රම 25, රෂ්මික මදුශංක 21, ශෙහද සොයිසා 27/4, සුමින්ද ලක්ෂාන් 36/3, සීකුගේ ප්‍රසන්න 40/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.