Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන සිවුදින තරගයේදී ශ්‍රී ලංකා දකුණතින් වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් ප‍්‍රදීප් කොදෙව් ‘ඒ’ පිලේ දෙවැනි ඉනිම ආරම්භ කරමින් අද (27) පස්වරුවේ යැවූ පළමු ඕවරයේ තෙවැනි පන්දුව යැවීමෙන් පසුව ආබාධයකට ලක්වීමෙන් පිටියෙන් ඉවත් විය.
නුවන් දකුණු පාදයේ මස්පිඩු පෙරළීමේ ආබාධයකට ලක්ව ඇති අතර ඒ හේතුවෙන් දෙවැනි ඉනිමේදී ඔහුට නැවත පන්දු යැවීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.
ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ මහතාගෙන් මේ පිළිබදව කළ විමසුමකදී පැවසුවේ නුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.
‘‘මස්පිඩු පෙරළීමේ ආබාධයකට ලක්ව සිටියදී තව දුරටත් ඔහුව පන්දු යැවීමට යොදාගත හොත් තත්ත්වය බරපතල විය හැකියි. ඒ නිසා අපි ඔහුව කැදවන්න බලාපොරොත්තුවක් නෑ’’ යැයි කළුවිතාරණ මහතා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.