Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නොදර්න් වොරියර්ස් පිලට ලකුණු 61 ක ජයක්

නොදර්න් වොරියර්ස් පිලට ලකුණු 61 ක ජයක්

editorial - 2021 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

යුද හමුදාපති ලීගය ආරම්භ කරමින් දොඹගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී අද (31 වැනිදා) පැවැති තරගයකදී සදර්න් වොරියර්ස් පිලට එරෙහිව ලකුණු 61 ක ජයක් හිමිකර ගැනීමට නොදර්න් වොරියස් පිල සමත්විය.

කාසියේ වාසිය දිනාගත් සදර්න් වොරියර්ස් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා නොදර්න් වොරියර්ස් පිලට ආරාධනා කළ අතර ඕවර 19ග5 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142 ක් පමණි.
අශාන් ප්‍රියංජන් පන්දු 24 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 39 ක් ලබාගත් අතර නායක සීකුගේ ප්‍රසන්න පන්දු 22 කදී හයේ පහර සහ හතරේ පහර 2 බැගින් එල්ල කරමින් ලකුණු 30 ක් ලබාගැනීමට සමත්විය. ජානක සම්පත් ලකුණු 21 ක් සහ අශාන් රන්දික ලකුණු 18 ක් ලබාගැනීමට සමත්වූහ.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ දිනේෂ් පෙරේරා සිය ඕවර 4 ලකුණු 29 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගැනීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 143 ක ඉලක්කයක් හඹාගිය සදර්න් වොරියර්ස් පිලට ඕවර 18.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 81 ක් පමණි.

නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 23 ක් ලබාගනිමින් සදර්න් වොරියර්ස් පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර සුමින්ද ලක්ෂාන් ලකුණු 19 ක් ලබාගත්තේය.

සිය ඕවර 4 ලකුණු 17 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සීකුගේ ප්‍රසන්න සමත්වූ අතර තෙනූ රාතන් සහ ගයාන් චන්ද්‍රබෝස් කඩුලු 2 බැගින් දවාගනිමින් නොදර්න් වොරියර්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.


නොදර්න් වොරියර්ස් - ඕවර 19.5 කදී සියලුදෙනා දැවී 142
(ජානක සම්පත් 21, සීකුගේ ප්‍රසන්න 30, අශාන් ප්‍රියංජන් 39, දිනේෂ් පෙරේරා 29/4)

සදර්න් වොරියර්ස් - ඕවර 18.1 කදී සියලුදෙනා දැවී 81
(දිනේෂ් චන්දිමාල් 23, සුමින්ද ලක්ෂාන් 19, සීකුගේ ප්‍රසන්න 17/3, තෙනූ රාතන් 02/2, ගයාන් චන්ද්‍රබෝස් 16/2)

 


අදහස් (0)

නොදර්න් වොරියර්ස් පිලට ලකුණු 61 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.