Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තයේදී මේ මස 14 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ක‍්‍රයිස්චර්ච්හිදී අද (07) වශයෙන් පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය.
නවසීලන්තයේ පැවැති ටෙස්ට් දෙකකින් සහ එක්දින තරග පහකින් සමන්විත වූ තරගාවලිය අවසන්වීමෙන් පසුව ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට දින හතරක නිවාඩුවක් හිමිවිය.
මෙහිදී ශ්‍රී ලංකා පිල දකුණු අප‍්‍රිකාවට එරෙහිව මේ මස 9 වැනිදා පැවැත්වෙන පළමු පුහුණු තරගය ඉලක්කය කරමින් එම තරගය පැවැත්වෙන ක‍්‍රයිස්චර්ච්හි හැග්ලි ඕවල් ක‍්‍රීඩාංගණයේදී පුහුණු සැසියට සහභාගි වෙයි.
ආබාධයකට ලක්ව සුවය ලබමින් සිටින ලසිත් මාලිංග මෙම පුහුණු සැසියට සහභාගි වීමට නියමිත අතර මාලිංග බොහෝ විට පුහුණු තරගයට ක‍්‍රීඩා කිරීමට ද ඉඩ ඇති බව තේරීම් කමිටු සාමාජිකයකු ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසීය.
ඇන්ජලෝ මැතිව්ස් අසනීප තත්ත්වය සම්පූර්ණ සුව වී මේ වන විට සාමාන්‍ය තත්ත්වයෙන් පසු වෙයි. මැතිව්ස් පසුගිය දිනවල උණ වැළදීමෙන් අසනීපව සිටියේය.
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල් තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැති අතර ඔහු පුහුණු තරගවලට සහභාගි නොවේ.
නවසීලන්ත සංචාරය අතරතුරදී නැවතත් ආබාධයට ලක්වූ සුරංග පෞද්ගලික හේතුවක් මත ශ්‍රී ලංකාවට පැමිණ නැවත පසුගිය 4 වැනිදා නවසීලන්තය බලා පිටත්ව ගියේය.
ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි පුහුණු තරගය මේ මස 11 වැනිදා සිම්බාබ්වේට එරෙහිව පැවැත්වේ.
ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා අද (07) නවසීලන්තය ලබා පිටත්ව යෑමට නියමිතය තිබුණි.
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.