Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු යවන්නෝ ඉන්දියාවට ජය ගෙනෙති

පන්දු යවන්නෝ ඉන්දියාවට ජය ගෙනෙති

editorial - 2023 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 5 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 115 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 22.5 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ඉලක්කය පසුකර ගියහ.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ඉෂාන් කිෂන් පන්දු 46 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 52 ක් රැස්කළ අතර සූර්යකුමාර් යාදව් පන්දු 25 කින් ලකුණු 19 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි. රවින්ද්‍ර ජදේජා නොදැවී ලකුණු 16 ක්ද, නායක රොහිත් ශර්මා නොදැවී ලකුණු 12 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කුල්දීප් යාදව් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 23 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 114 ක් පමණි. එහිදී නිලකුණු ඕවර 2 ක්ද සමග ඕවර 3 ක් යැවූ කුල්දීප් ලකුණු 6 කට කඩුලු 4 ක් බිඳහෙළීමට සමත් විය. ඔහුට අනගි සහායක් දුන් රවින්ද්‍ර ජදේජා ලකුණු 37 කට කඩුලු 3 ක් දවාගත්තේය.


බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 23 කදී සියලු දෙනා දැවී 114
(බ්‍රෙන්ඩන් කිං 17, ඇලික් අතනාසි 22, ශායි හෝප් 43, කුල්දීප් යාදව් 06/4, රවින්ද්‍ර ජදේජා 37/3)

ඉන්දියාව - ඕවර 22.5 කදී කඩුලු 5 ක් දැවී 118
(ඉෂාන් කිෂන් 52, සූර්යකුමාර් යාදව් 19, රවින්ද්‍ර ජදේජා නොදැවී 16, රෝහිත් ශර්මා නොදැවී 12, ගුඩකේෂ් මෝති 26/2)

-036


අදහස් (0)

පන්දු යවන්නෝ ඉන්දියාවට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.