Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු යවන්නෝ නාලන්දාවට ජය ගෙනෙති

පන්දු යවන්නෝ නාලන්දාවට ජය ගෙනෙති

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව ශා. සෙබස්තියන් විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය අතර අද පැවැති තරගයේදී කඩුලූ 4 කින් ජයගැනීමට නාලන්ද විද්‍යාලය සමත්විය. අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයක්වු මෙය නාලන්ද විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.

මුලින්ම පන්දුවට පහරදුන් ශා. සෙබස්තියන් විද්‍යාලය ලකුණු 92 කට සීමා කිරීමට, ලකුණු 19 කට කඩුලූ 6 ක් දවාගත් අවිශ්ක ද සිල්වා සමත්විය. පිළිතුරු ඉනිම ඇරැඹු නාලන්දවි වි්‍යාලයීය පිතිකරුවන්ටද සාර්ථක වීමටද ඉඩක් නොලැබුණු අතර ශා. සෙබස්තියන් විද්‍යාලයට වඩා පළමු ඉනිමේ ලකුණු 21ක් ඉදිරියෙන් සිටීමට හැකිවිය. ළහිරු හේෂාන් කඩුලූ 5 ක් දවා ගත්තේය.

 තම දෙවන ඉනිම ඇරැඹු සෙබස්තියන් පිතිකරුවන් ලකුණු 78 කට දවා ගනිමින් ඔවුන්ගේ බලාපොරොත්තු දෙවන වරටද බිඳහෙළීමට නාලන්දා පන්දු යවන්නෝ සමත් වුහ. මාලිංග ද සිල්වා සහ ප‍්‍රමුද් හෙට්ටිවත්ත කඩුලූ 4 බැගින් ලබා ගත්හ.

ලකුණු 58 ක ඉලක්කයක් හඹා ගිය නාලන්ද පිතිකරුවන්ට තම ජය තහවුරු කර ගැනීමට කඩුලූ 6 ක් කැප කිරීමට සිදුවිය. අනුක් ප‍්‍රනාන්දු ලකුණු 16 කට කඩුලූ 4 ක් දවා ගැනීමට සමත්විය.


ශා. සෙබස්තියන් විදුහල පළමු ඉනිම  ඕවර37.2 කදී සියලූ දෙනාම දැවී 92
(මුදිත ප‍්‍රනාන්දු 35, අවිශ්ක ද සිල්වා 19/6)

නාලන්ද විදුහල පළමු ඉනිම  ඕවර 48.2 කදී සියලූ දෙනාම දැවී 113
(මාලිංග අමරසිංහ 32, ඉසුරු සමරසිංහ 26, ළහිරු හේෂාන් 37/5, ඉසුරු මෙන්ඩිස් 6/4)

ශා. සෙබස්තියන් විදුහල විදුහල දෙවන ඉනිම  ඕවර 40.5 කදී සියලූ දෙනාම දැවී 78
(කුසල් එදිසූරීය 20, මාලිංග ද සිල්වා 24/4, ප‍්‍රමුද් හෙට්ටිවත්ත 15/4)

නාලන්ද විදුහල පළමු ඉනිම  ඕවර 48.5 කදී කඩුලූ 6 ක් දැවී 58
(වොෂාන්ත සිල්වා 22, අනුක් ප‍්‍රනාන්දු 16/4)

 


අදහස් (0)

පන්දු යවන්නෝ නාලන්දාවට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.