Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු යවන්නෝ රාහුල විදුහලට ජය ගෙනෙති

පන්දු යවන්නෝ රාහුල විදුහලට ජය ගෙනෙති

editorial - 2021 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ හේනෙගම මැදි විදුහල සහ කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල අතර පල්ලෙකැලේ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට රාහුල විදුහල සමත් විය.

එහිදී රාහුල විදුහලේ ආකාෂ් ගාඩියවසම් ලකුණු 25 කට කඩුලු 3 ක්ද, ඩිල්ෂාන් අරඹේගොඩ සහ තිලංක කුමාරතුංග කඩුලු 2 බැගින් දවාගනිමින් හේනෙගම මැදි විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළහ.


හේනෙගම මැදි විදුහල - ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 162
(විභූති පියාන් 37, අශාන් රාජපක්ෂ 21, ආකාෂ් ගාඩියවසම් 25/3, ඩිල්ෂාන් අරඹේගොඩ 26/2, තිලංක කුමාරතුංග 3/2)

රාහුල විදුහල - ඕවර 40.1 කදී කඩුලු 5 ක් දැවී 163
(කුෂාන් සෙනරත් නොදැවී 34, විචින්ත මල්වත්ත 28, දිල්ෂාන් අරඹේගොඩ 26, විසල් ගාඩියවසම් 25, ජනිත් මායිටිපේ 20, කුසල් ජයෂංක 13/2, රෂ්වික චමත් 39/2)

-036

 


අදහස් (0)

පන්දු යවන්නෝ රාහුල විදුහලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.