Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පර්ත් ස්කෝචර්ස් පිලට අවසන් පන්දුවේදී ජය

පර්ත් ස්කෝචර්ස් පිලට අවසන් පන්දුවේදී ජය

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ මූලික වටයේ සිව්වැනි තරගය ලෙස පර්ත් ස්කෝචර්ස් පිල සහ ඩොල්ෆින්ස් පිල අතර මොහාලිහිදී අද (20 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 6 ක ජයක් වාර්තා කිරීමට පර්ත් ස්කෝචර්ස් පිල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය පර්ත් ස්කෝචර්ස් පිල, කඩුලූ 4 ක් දැවී තිබියදී ඉනිමේ අවසන් පන්දුවේදී එම ඉලක්කය පසුකර ගියේය.

අවසන් පන්දු දෙකේදී පිට පිට හයේ පහර 2 ක් එල්ල කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගිය මිචෙල් මාර්ෂ් තරගයේ වීරයා බවට පත්විය. පන්දු 26 කදි වේගවත් ලකුණු 40 ක් රැස්කළ ඔහු, තම ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් අන්තර්ගත කළේය.  

පර්ත් ස්කෝචර්ස් පිලේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කේ‍්‍රග් සිමනස් (48) සහ සෑම් වයට්මන් (45) තරගය ජය ගැනීම සඳහා මනා අඩිතාලමක් දැමූහ.

පන්දු 36 කදී වාර්තා වූ කේ‍්‍රග් සිමනස්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 32 කදී වාර්තා වූ සෑම් වයට්මන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඩොල්ෆින්ස් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 164 ක් ලබාගත්තේය.
 
ඩොල්ෆින්ස් පිලේ ඉනිම නිමාවන තුරුම නොදැවී කඩුල්ලේ් රැුදී සිටි ඛායා සුන්ඩෝ පන්දු 50 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 63 ක් රැස්කළේය.

ජේසන් බැරන්ඩෝර්ෆ් ලකුණු 46 කට කඩුලූ 3 ක් දවාගනිමින් පර්ත් ස්කෝචර්ස් පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ඩොල්ෆින්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 164
(කේෂව් මහරාජ් 29, ඛායා සුන්ඩෝ නොදැවී 63, ඩැරින් ස්මිත් 21, රූබි ෆ‍්‍රලින්ක් නොදැවී 15, ජේසන් බැරන්ඩෝර්ෆ් 46/3, ජොයෙල් පැරිස් 21/2, යසර් අරෆත් 42/2)

පර්ත් ස්කෝචර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 4 ක් දැවී 165
(කේ‍්‍රග් සිමනස් 48, සෑම් වයට්මන් 45, මිචෙල් මාර්ෂ් නොදැවී 40, ඇෂ්ටන් ඒගර් 15)


- 036


අදහස් (0)

පර්ත් ස්කෝචර්ස් පිලට අවසන් පන්දුවේදී ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.