Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බිග් බෑෂ් විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව පිට පිටම දෙවැනි වරටත් දිනාගැනීමට පර්ත් ස්කෝර්චර්ස් පිල සමත් විය. ඕස්ටේ‍්‍රලියාවේ කැන්බරා නුවර පැවැති අවසන් මහ තරගයේදී සිඞ්නි සික්සර්ස් පිල කඩුලූ 4 කින් පරාජය කරමින් පර්ත් ස්කෝර්චර්ස් පිල ශූරතාවට හිමිකම් කීවේය.
අවසන් තරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹාගිය පර්ත් ස්කෝර්චර්ස් පිල අවසන් පන්දුවේදී ජයග‍්‍රාහී ලකුණ රැස්කරමින් පේ‍්‍රක්ෂකයන් උද්දාමයට පත්කිරීමට සමත් වූහ.
ඕස්ටේ‍්‍රලියාවෙන් බිහිවූ ප‍්‍රබල වේග පන්දුයවන්නකු වූ බ්‍රෙට් ලී, සිඞ්නි සික්සර්ස් පිල වෙනුවෙන් අවසන් ඕවරය යැවීමට පැමිණි අතර පර්ත් ස්කෝර්චර්ස් පිලට තරගය ජය ගැනීම සඳහා එම ඕවරයේදී ලකුණු 8 ක් රැස්කිරීමට නියමිතව තිබිණ.
එම ඕවරයේ පළමු පන්දු 3 දී ලකුණු 7 ක් රැස්කිරීමට මයිකල් කාබෙරි සමත් වුවද, සිව්වැනි සහ පස්වැනි පන්දු වලදී පිට පිට කඩුලූ දෙකක් දවාගත් බ්‍රෙට් ලී තරගය නැවතත් දෙපිළටම විවෘත කළේය.
පර්ත් ස්කෝර්චර්ස් පිලේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 69 කදී ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ෂෝන් මාෂ් (73) සහ මයිකල් ක්ලිංගර් (33) සමත් වූ අතර පන්දු 59 කදී වාර්තා වූ ෂෝන් මාෂ්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.
බ්‍රෙට් ලී සිය අවසන් විස්සයි20 තරගයට සහභාගී වෙමින් ලකුණු 25 කට කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
පළමුවෙන් පන්දුවට පහරදුන් සිඞ්නි සික්සර්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී 147 ක් ලබාගත් අතර එහිදී අගනා පිතිහරඹයක නිරත වූ නායක මොයිසස් හෙන්රික්ස් පන්දු 57 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 77 ක් රැස්කළේය.
පර්ත් ස්කෝර්චර්ස් පිල, බිග් බෑෂ් ඉතිහාසයේ වැඩිම වාර ගණනක් අවසන් මහ තරගයට පැමිණි කණ්ඩායම ලෙස වාර්තා පෙතට ඇතුළත්ව සිටින අතර තරගාවලිය ආරම්භ කළ වසරේ සිට මෙතෙක් සිවුවරක් අවසන් තරගය දක්වා පැමිණ තිබේ.
සිඞ්නි සික්සර්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී 147
(නික් මැඩින්සන් 19, මොයිසස් හෙන්රික්ස් 77, රයන් කාර්ටර්ස් 35)
පර්ත් ස්කෝර්චර්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 148
(ෂෝන් මාෂ් 73, මයිකල් ක්ලිංගර් 33, ඇඩම් වෝගස් 20, බ්‍රෙට් ලී 25/3, නේදන් ලයන් 34/2)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.