Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
දිගින් දිගටම ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් අන්තර් පාසල් වයස 19 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගය සහ ‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගය දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය පියවර ගෙන තිබේ.
පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගය මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල අනිද්දා (12 වැනිදා) කොළඹ බ්ලූම්ෆීල්ඞ් කී‍්‍රඩාංගණයේදී තරග බිමට පැවැත්වීමට නියමිතව තිබිණ.
පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගය හෙට (11 වැනිදා) කොළඹ බ්ලූම්ෆීල්ඞ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණේ කොළඹ තර්ස්ටන් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතරය.
ඉකුත් සෙනසුරාදා (9 වැනිදා) කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි කොටස් ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගයේදී කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව කඩුලූ 7 ක ජයක් වාර්තා කළ පානදුර ශ්‍රී සුමංගල විදුහල එහි ශූරතාවට හිමිකම් කීහ.
කෙසේ වුවත් අද (10 වැනිදා) කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීම හේතුවෙන් අම්බලන්ගොඩ පී. ද එස්. කුලරතන විදුහල සහ හොරණ තක්ෂිලා විදුහල එහි සම ශූරයන් බවට පත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.