Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු කොටසේ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මේ මස 23 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද ‘කොවිඩ් 19’ අවදානම හේතුවෙන් එම තරගාවලිය කල්දැමීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකාව තුළ මේ වන විට පවතින තත්ත්වය හමුවේ තරග ආරම්භ කිරීමට ඇතැම් විට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නැවත අවසර ගැනීමට සිදුවනු ඇත.
විස්සයි20 තරගාවලිය කල්දැමුවහොත් ඉන් පසුව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සහ පළමු පෙළ තරගාවලිය පසු පසට දැමීමට සිදුවීමෙන් තරගාවලියක් හෝ දෙකක් අතහැර දැමීමේ අවදානමක් ද ඇතිවිය හැකි බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට තරග අත්දැකීම් ලබාදීමේ අරමුණින් මේ මස 14 වැනිදා සිට 20 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට සූදානම් කර තිබූ සිවුකොන් ලීග් තරගාවලිය ද දින නියමයක් නොමැතිව කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට තීරණය කර තිබේ.
මෙම සතියේ පැවැත්වීමට නියමිතව තිබූ වයස 23 න් පහළ අවසන් පූර්ව තරග ද කල්දැමීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.