Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක සිම්බාබ්වේ පිල සහ බංගලාදේශ පිල අතර මීර්පූර්හි ශ්‍රේ බංග්ලා කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 3 ක ජයක් වාර්තා කිරීමට බංගලාදේශ පිල සමත්විය.
තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (27 වැනිදා) ජයග‍්‍රහණය සඳහා ලකුණු 101 ක ඉලක්කයක් හඹාගිය බංගලාදේශ පිල කඩුලූ 7 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
ලකුණු 14 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ සිම්බාබ්වේ පිලට සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 114 ක් පමණි.
තම ටෙස්ට් කි‍්‍රකට් දිවියේ හොඳම පන්දු යැවීම ප‍්‍රදර්ශනය කළ තයිජුල් ස්ලාම් ලකුණු 39 කට කඩුලූ 8 ක් දවාගනිමින් සිම්බාබ්වේ පිලේ දෙවැනි ඉනිම සුනුවිසුණු කර දැමූවේය.
පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ පිල සියලූ දෙනා දැවී ලකුණු 254 ක් ලබාගත් අතර මොමිනුල් හක් (53), මහමදුල්ලා (63), මුෂ්ෆිකර් රහීම් (64) අර්ධ ශතක රැස්කරමින් බංගලාදේශ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ටිනාශේ පන්යන්ගාරා එහිදී ලකුණු 59 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත්විය.
කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල, පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 240 ක් ලබාගත්තේය.
සිම්බාබ්වේ පළමු ඉනිමේ එකම අර්ධ ශකත ලාභියා වූ සිකන්දර් රාසා ලකුණු 51 ක් රැස්කළ අතර ශකීබ් අල් හසන්, ලකුණු 59 කට කඩුලූ 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
සිම්බාබ්වේ පිල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 240
(සිකන්දර් රාසා 51, බ්‍රෙන්ඩන් ටේලර් 28, එල්ටන් චිකම්බූරා 29, කේ‍්‍රග් එර්වින් 34, රේගිස් චකබ්වා 25, ශකීබ් අල් හසන් 59/6, ජුබේර් හුසේන් 58/2)
බංගලාදේශ පිල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 254
(මොමිනුල් හක් 53, මහමදුල්ලා 63, මුෂ්ෆිකර් රහීම් 64, තයිජුල් ඉස්ලාම් 19, ටිනාශේ පන්යන්ගාරා 59/5)
සිම්බාබ්වේ පිල දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 114
(වුසී සිබන්ඩා 14, සිකන්දර් රාසා 25, බ්‍රෙන්ඩන් ටේලර් නොදැවී 45, තයිජුල් ස්ලාම් 39/8)
බංගලාදේශ පිල දෙවැනි ඉනිම - කඩුලූ 7 ක් දැවී 101
(මහමදුල්ලා 28, ශකීබ් අල් හසන් 15, මුෂ්ෆික රහීම් නොදැවී 23, තයිජුල් ස්ලාම් නොදැවී 15, එල්ටන් චිකම්බූරා 21/4, ටිනාශේ පන්යන්ගාරා 30/2)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.