Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානයට එරෙහිව අද (13 වැනිදා) ඩුබායි අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තීරණාත්මක විස්සයි20 තරගයේදී ලෝක විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය රැකගැනීම සඳහා තම කණ්ඩායම ඉතාමත් ශක්තිමත්ව තරගයට අවතීර්ණ වන බව ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක දිනේෂ් චන්දිමාල් පවසයි.
තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගයෙන් පාකිස්තානය කඩුලූ තුනක ජයක් ලබාගත්තේය. එබැවින් ශී‍්‍ර ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය රැුකගැනීමට නම් අද පැවැත්වෙන තරගය අනිවාර්යෙන්ම ජය ලැබිය යුතුය.
මේ වන විට ශ්‍රේණිගත කිරීමේ සිවුවැනි ස්ථානයේ සිටින පාකිස්තානය අද තරගයෙන් ජය ලැබුවහොත් ශී‍්‍ර ලංකා කණ්ඩායම පහළට ඇද දමමින් වි:20 ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු ස්ථානය දක්වා උසස්වීමට ඔවුන්ට පිලට අවස්ථාව තිබේ.
”පාකිස්තානය මෑතකදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව හොදින් ක‍්‍රීඩා කළා. විශේෂයෙන් සීමිත ඕවර තරගවලදී. අපි කවදාවත් ඔවුන්ව අවතක්සේරු කරන්නේ නෑ”
”ඒත් මේ තරගයේදී නැවතත් හොඳ සටනක් දෙන්න අපේ හිත ගත දෙකම උපරිම ආකාරයෙන් යොදවනවා” යැයි චන්දිමාල් පැවසීය.
පළමු තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් විසින් පන්දු 34 කදී ලබාගත් අගනා ලකුණු 50 කින් සවිමත් වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕවර 20
අවසානයේදී කඩුලූ 5 ක් දැවී ලකුණු 145 ක් ලබාගත්තේය. එහෙත් සඞීඞ් අෆ්රීඩි පන්දු 20 කදී නොදැවී ලකුණු 39 ක් ලබාගැනීමත් සමගම තරගයේ පන්දු 5 ක් ඉතිරිව තිබියදී පාකිස්තානය ජයගත්තේය.
”මා හිතන්නේ අපිට ලකුණු 10 ක්, 15 ක් විතර (පළමු තරගයේදී* මදිවුණා. පන්දුව හොදින් පිත්තට ආවා. ඒත් පස්සේ අපේ පන්දු යවන්නන් හරි තැනට පන්දු යවුවේ නෑ. ඕවර 10 ක් අවසන් වුණාම තරගයට පින්න බලපෑවා, ඒ හේතුවෙන් අපේ දඟ පන්දු යවන්නන්ට පන්දුව නිසි ලෙස ග‍්‍රහණය කරගන්න බැරි වුණා’’
ශී‍්‍ර ලංකා පිලේ හොඳම ද`ග පන්දු යවන්නා වන අජන්ත මෙන්ඩිස්ගේ ඕවර 4 කදී පාකිස්තානු පිතිකරුවන් ලකුණු 29 ක් උදුරාගත් අතර ඉනිමේ මුල් කොටසේදී පන්දු යැවූ සචිත‍්‍ර සේනානායක ලකුණු 13 කට කඩුල්ලක් දවාගත්තේය.
”අෆ්රිඩි ප‍්‍රවේගවත් ඉනිමක් ක‍්‍රීඩා කළා. ඒ ඉනිම තමයි තරගයේ නැරවුම් ලක්‍ෂය බවට පත්වුණේ. නමුත් ඒ ලෝක විනාශය නොවෙයි. ඒ තරගයෙන් පාඩම් ඉගෙන ගෙන අපි ඊළග තරගය දිනාගන්න ඕනේ” යයි චන්දිමාල් වැඩි දුරටත් පැවසීය.
”ඇත්තම කියනවා නම්, අපිත් බලාපොරොත්තු වුණේ ලකුණු 140 ත් 145 ත් අතර සංඛ්‍යාවක් තමයි. ඒ වගේ ලකුණු සංඛ්‍යාවක් හඹායාමේ හැකියාව අපට තියෙනවා”
”අපි සතුව අෆ්රිඩි, බිලවල් භාටි සහ සොහෙල් තන්වීර් වැනි දක්‍ෂ තුන් ඉරියව් ක‍්‍රීඩකයන් ඉන්නවා. ඒ තරගයේදී කී‍්‍රඩකයන් විශාල ආත්ම ධෛර්යයක් පෙන්වූවා. ඇරත් අෆ්රීඩි තරගය අවසන් කළ ආකාරය හරිම අපූරුයි” යැයි පාකිස්තානු පිලේ නායක මොහොමඞ් හෆීස් පැවසීය.
හෆීස් වැඩි දුරටත් පවසන්නේ ලබන වසරේ බංග්ලාදේශයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට පෙර නවක ක‍්‍රීඩකයන් කීපදෙනකු කණ්ඩායමට ඇතුළත් කිරීමට උත්සාහ කරන බවයි.
” නවක කී‍්‍රඩකයන් සහ පළපුරුදු කී‍්‍රඩකයන් එකට කී‍්‍රඩා කරමින් අන්තර්ජාතික තරග පිළිඉබඳ කිසියම් හැගීමක් නවකයන්ටත් ලබා දෙන්න අප උත්සාහ කරනවා
පළමු තරගයේදී පාකිස්තානු ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්වූ සහිඞ් අෆ්රිඩි පවසන්නේ තමන් පන්දු යැවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවයි.
”මගේ පන්දුවට පහරදීම කොයිතරම් වැදගත්ද කියා මා දන්නවා” යයිද අෆ්රීඩි පැවසීය.
තරගයේ ජයග‍්‍රාහී ඉනිම සමගින් විස්සයි20 අන්තර්ජාතික තරගවලදී ලකුණු 1,000 ක් රැස්කරමින් සහ කඩුලූ 50 ක් දවාගත් ලොව පළමු කී‍්‍රඩකයා වීමටද අෆ්රීඩි සමත් විය.
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.