Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පළමු දිනයේ දිගින් දිගටම වැස්සෙන් බාධා

පළමු දිනයේ දිගින් දිගටම වැස්සෙන් බාධා

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක නවසීලන්ත ‘ඒ’ පිල සහ ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග දෙකකින් සමන්විත සිවුදින ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (17) ආරම්භ වූ පළමු තරගයේ පළමු දිනයේ පස්වරුවේ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 115 ක් රැස්කර සිටියේය.

පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට කෞෂාල් සිල්වා (නොදැවී 49) සහ අෂාන් ප‍්‍රියංජන් (නොදැවී 23) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක නොබිදුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ.

ශ‍්‍රී ලංකා ටෙස්ට් පිලේ කඩුලූ රකින මැද පෙළ පිතිකරු ස්ථානයට තමන් සුදුසු බවට මනාව ප‍්‍රදර්ශනය කරමින් පන්දුවට පහර දුන් කෞෂාල් සිල්වා පන්දු 104 කදී හතරේ පහර හයක් සමගින් නොදැවී ලකුණු  49 ක් ලබා සිටියේය.

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ නායක දිනේෂ් චන්දිමාල් පන්දු 17 කදී හතරේ පහරක් සමගින් ලකුණු 6 ක් ලබා සිටියදී දකුණතින් වේග පන්දු යවන ටෙස්ට් ක‍්‍රීඩක මාක් ගිලෙප්සිගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. කෙසේ වෙතත් එම දැවී යෑමේ තීරණය පිළිබදව චන්දිමාල් සෑහීමකට පත්වූ බව නොපෙනුණි.

දිවා විවේකයට විනාඩි පහක් පමණ තිබියදී නැවත වර්ෂාව ඇද හැලීමෙන් තරග අත්හිටුවන විට ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල  ඕවර 20.1 කදී එක කඩුල්ලක් දැවී ලකුණු 52 ක් ලබා සිටියේය. ඒ වන විට දිමුත් කරුණාරත්න (නොදැවී 29) සහ කෞෂාල් සිල්වා (නොදැවී 20) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ.

දිවා විවේකයෙන් පසුව පැයයි, මිනිත්තු 22 ක් තරගය අත්හිටුවීමෙන් අනතුරුව පස්වරු 3.00 ට පමණ නැවතත් තරගය ආරම්භ විය. නැවත තරගය ආරම්භ වී දෙවැනි  ඕවරයේදී දිමුත් කරුණාරත්න ලකුණු 29 ක් ලබා දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

නවසීලන්ත ‘ඒ’ පිලේ තාවකාලික නායක ඇන්ටන් ඩෙවිව් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලට ආරාධනා කළේය. උදාර ජයසුන්දරගේ ස්ථානයට මෙම තරගයට කැදවූ ආරම්භක පිතිකරු කුසල් ජනිත් නැවතත් අසාර්ථක වෙමින් පළමු කඩුල්ල ලෙස ලකුණු 2 ක් ලබා සිටියදී දැවී ගියේය.

පල්ලෙකැළේ ප‍්‍රදේශයට ඊයේ (17) පෙරවරුවේ ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් තරගය පැයයි, විනාඩි 15 ක් ප‍්‍රමාද වීමෙන් පෙරවරු 11.15 ට ආරම්භ විය. වර්ෂාව නිසා අවස්ථා කීපයකදීම තරගය අත්හිටුවීමට සිදුවීමෙන් පළමු දිනයේ  ඕවර 50 ක් අහිමි විය.

පසුගිය සංචාර කීපයේදීම ලකුණු අතර සිටි යොවුන් පිතිකරු උදාර ජයසුන්දර පුහුණුවීම් අතරතුරදී ආබාධයකට ලක්වීමෙන් කුසල් ජනිත්, ශ‍්‍රී ලංකා ‘ඒ’ සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව පෙරේදා (16) පියවර ගත්තේය.

නවසීලන්ත ‘ඒ’ පිලේ නිත්‍ය නායක ටොම් ලෙතම් මෙම තරගයට සහභාගි නොවීම කැපී පෙනුණි.

තරගයේ දෙවැනි දිනය වන හෙට (18) පෙරවරු 9.30 ට තරගය ආරම්භ වීමට නියමිතය.

ලකුණු පුවරුව

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම
දිමුත් කරුණාරත්න - ඇ. කොලින් මුන්රෝ ප. කොරී ඇන්ඩසන්    29                 
කුසල් ජනිත් - ඇ. ලූක් රොන්ච් ප. මාක් ගිලෙප්සි             2
කෞෂාල් සිල්වා - නොදැවී                             49
දිනේෂ් චන්මාල් - ක. මූ. කළා ප. මාක් ගිලෙප්සි             6
අෂාන් ප‍්‍රියංජන් - නොදැවී                        23
අතිරේක                                  6
එකතුව  ඕවර  40 කදී කඩුලු  3 ක් දැවී                 115

පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ:
කිත්රුවන් විතානගේ, චතුරංග ද සිල්වා, දිල්රුවන් පෙරේරා, මධුර ලක්මාල්, විමුක්ති පෙරේරා, නුවන් ප‍්‍රදීප්

කඩුලු වැටීම:
1-3 (කුසල් ජනිත්), 2-54 (දිමුත් කරුණාරත්න), 3-67 (දිනේෂ් චන්දිමාල්)

පන්දු යෑවීම:
මාක් ගිලෙස්පි: 14-4-40-2, ඩග් බේස්වෙල්: 9-1-21-0, ඇඩම් මිල්නේ: 10-0-32-0, ඉෂ් සෝදි: 2-0-6-0, කොරී ඇන්ඩසන්: 5-1-14-1

නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම:
ලූක් රොන්චි, ඇන්ටන් ඬේවිච්, කාල් කචෝපා, කොරී ඇන්ඩෘසන්, කොලින් මුන්රො, ඩග් බේස්වෙල්, ටොට් ඇස්ට්ල්, ඉස්සොදින්, මාක් ගිලෙප්සි, ඇඩම් මිල්ලෙ, සහ ඩර්ලි මිචෙල්.


අදහස් (0)

පළමු දිනයේ දිගින් දිගටම වැස්සෙන් බාධා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.