Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පළමු පෙළ ශතකයක් ලැබූ ළාබාලතමයා පවන් රත්නායක

පළමු පෙළ ශතකයක් ලැබූ ළාබාලතමයා පවන් රත්නායක

රොෂාන් ගුණරත්න - 2020 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ වසර 41 ක් පැරණි වාර්තාවක් අලුත් කිරීමට සී.සී.සී පිලේ පවන් රත්නායක පසුගියදා සමත්විය. පසුගිය සති අන්තයේදී සී.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී මූවර්ස් පිලට එරෙහිව ශතකයක් ලබාගත් පවන්, පළමු පෙළ තරගයකදී ශතකයක් ලබාගත් ලාබාලම ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්විය.

මින් පෙර 1979 දී අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති පළමු පෙළ (තුන් දින) තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුදත් පැස්කුවෙල් ශතකයක් ලබාගන්නා විට වයස අවුරුදු 17 දින 265 කි. එම වාර්තාව අලුත් කරනවිට පවන් රත්නායකගේ වයස අවුරුදු 17 දින 189 ක් විය. 2014/15 පළමු පෙළ තරග වාරයේදී ගුවන් හමුදා පිලට එරෙහිව ගාල්ල පිල නියෝජනය කළ චරිත් අසලංක ශතකයක් වාර්තා කළද ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 17 දින 285 ක් වීම හේතුවෙන් ඔහුගෙන් එම වාර්තාව ගිලිගී ගියේය.

එමෙන්ම අංක 8 පිතිකරුවකු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් තරගයකදී රැස්කළ දෙවැනි ඉහළම ලකුණු (නොදැවී 164) සංඛ්‍යාව ලෙසද වාර්තා වන අතර මින් පෙර මහනුවර යොවුන් කණ්ඩායමට එරෙහිව කුරුණෑගල යොවුන් කණ්ඩායමේ සංජීව ජයරත්න ලකුණු 166 ක් රැස්කරමින් එම වාර්තාවට හිමිකම් කියනු ලැබේ.

තවමත් පාසල් ක්‍රීඩකයකු වන පවන් රත්නායක කොළඹ මහානාම විද්‍යාලය වෙනුවෙන් මෙවර වයස 19 න් පහළ තරගාවලියේදී තරග 12 ක ඉනිම 18 කදී ශතක 4 ක් සහ අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 927 ක් රැස්කර ඇත. කුරුණෑගල මලියදේව විදුහල (137), ඉසිපතන විදුහල (126), තර්ස්ටන් විදුහල (නොදැවී 108) සහ මහනුවර ත්‍රිත්ව විදුහල (නොදැවී 123) එරෙහිව ශතක ලබාගැනීමට පවන් සමත්විය.

එමෙන්ම මෙවර පළමු පෙළ තරගාවලියේදී තරග 4 කට ක්‍රීඩාකර ඇති පවන් එහිදී ඉනිම 7 කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 311 ක් රැස්කර ඇති අතර ඉනිම 4 කදී නොදැවී සිටීමටද සමත්විය. මේ වනවිට ඔහුගේ ලබා ලබාගැනීමේ සාමාන්‍යය 103.66 ක් රැඳවා ගැනීමටද ඔහු සමත්වී ඇත. කඩුලු රකිනෙකු වන පවන් උඩපන්දු 8 ක් සහ ස්ටම්ප් කිරීමකටද දායක වී ඇත.

 


අදහස් (0)

පළමු පෙළ ශතකයක් ලැබූ ළාබාලතමයා පවන් රත්නායක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.