Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ 20 වැනි සතිය නිමාවන විට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැදී සිටින ගාල්ල මහින්ද විදුහලේ නවෝද් පරණවිතාන සහ එහි දෙවැනි ස්ථානයේ පසුවන මීගමුව මාරිස්ටෙලා විදුහලේ පසිඳු උස්හෙට්ටි අතර පැවැති පරතරය ඡන්ද 1053 ක් දක්වා අඩු වී තිබේ.
ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 2345 ත් සමගින් මේ වන විට ඡන්ද 17,084 ක් ලබාගැනීමට නවෝද් පරණවිතාන සමත්ව ඇති අතර ඡන්ද 16,031 ක් ලබා සිටින පසිඳු උස්හෙට්ටි ගෙවී ගිය සතිය තුළදී ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 5291 කි. එය ඉකුත් සතිය තුළ ක්‍රීඩකයකු ලබාගත් ඉහළම ඡන්ද සංඛ්‍යාව ලෙසද සටහන් වේ.
තරගයේ 19 වැනි සතිය තුළ සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පැමිණි කුරුණෑගල ශාන්ත ආනා විදුහලේ මුයිස් රෆීල්, ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද ගොන්නට තවත් ඡන්ද 733 ක් එක්කර ගැනීමට සමත්ව ඇති අතර මේ වන විට ඔහු ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 5169 කි.
කොළඹ නාලන්දා විදුහලේ සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ ක්‍රීඩකයන් දෙදෙනෙක් වන ලක්ෂිත රසාංජන සහ සුඛිත මනෝජ් ඡන්ද 4218 ක් සහ 3380 ක් බැගින් ලබා පිළිවෙලින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති.
නැගී එන කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින බලංගොඩ ආනන්ද මෛත්‍රී විදුහලේ ලිතිජ කල්හාර ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද සංඛ්‍යාව 9402 සිට 10,846 ක් දක්වා ඉහළ දමාගෙන ඇත. ඔහුට වඩා ඡන්ද 2920 ක් පසුපසින් සිටින ගම්පහ ශාන්ත පීතර විදුහලේ විෂල් රුක්ෂාන් ඡන්ද 7926 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ.
මේ වන විට බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින රත්ගම දේවපතිරාජ විදුහලේ සත්‍යා සංදීපනී ඡන්ද 3541 ක් ලබා සිටින අතර එම විදුහලේම ක්‍රීඩිකාවක් වන කවීෂා දිල්හාරි ඡන්ද 1326 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ පසුවන්නීය. ඒ අනුව ඔවුන් දෙදෙනා අතර පළමු ස්ථානය සඳහා පවතින පරතර ඡන්ද 2215 කි.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර්, ඬේලි එෆ්.ටී. සහ ටැමිල් මිරර් යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.
තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමේ අවස්ථාව නොවැම්බර් මස 1 වැනිදා සිට ආරම්භ විය. කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේද පළකෙරේ.
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසුගිය සතියේ ජයග්‍රාහකයෝ
1 ඒ.ආර්. මලියදේව, පඬිවත්ත, නාරම්පොත
2 එච්.එම්. ආරියරත්න, 122/17, ගඟේවත්ත, ලේවැල්ල
3 එම්.ඩී.එස්. සමරවීර, සපුගහවත්ත, දොඩම්වල
4 එම්.ඉසෙඞ්.එම්. උනායිස්, 29/6, මලබාර් හරස් වීදිය, ගම්පොල
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.