Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රධානම අවිය දඟ පන්දුවයි

ප්‍රධානම අවිය දඟ පන්දුවයි

Nisanka Sandeepani - 2019 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ ප්‍රධානම අවිය දඟ පන්දු යැවීම බව ශ්‍රී ලංකා කාන්තා පිලේ නායිකා තුන් ඉරියව් ක්‍රීඩිකා චමරි අතපත්තු ඊයේ (28) පැවසුවාය. දකුණු අප්‍රිකාවට එරෙහිව ලබන මස 1 වැනිදා ආරම්භ වන තරගාවලියට පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය අමතමින් චමරි ඊයේ පස්වරුවේ වැඩි දුරටත් මෙසේ ද පැවසුවාය.   

“අපේ ආයුධය දඟ පන්දු යැවීමයි. අපි කවුරුත් දන්නවා දකුණු අප්‍රිකානු තණතීරු වේග පන්දු යවන්නට සහයෝගය දක්වන ඒවා. නමුත් මම පසුගිය සංචාර කීපයක් අධ්‍යනය කළා ඉන්දියානු කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරය හොඳින් අවසන් කළේ දඟ පන්දු යවන්නියන්ගෙන්. මම විශ්වාස කරනවා අපේ දඟ පන්දු යවන්නියන්නට අවස්ථාවක් තියෙයි කියලා”

“ශෂිකලා, ඉනෝකා සහ ඕෂදී යන ජ්‍යෙෂ්ඨ දඟ පන්දු යවන්නියන් තිදෙනෙක් ඉන්නවා. ඔවුන්ට ලොකු වගකීමක් පැවරෙනවා”
“ඒ වගේම පිතිහරඹය පිළිබඳව බලාපොරොත්තුවක් තියෙනවා. නවක ක්‍රීඩිකාවන් ලකුණු අතර ඉන්නවා. ඒ නිසා හිතන්නේ ජයග්‍රහණවලට යන්න පුළුවන් කියලා හිතනවා”

මෙම සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය සහ සූදානම පිළිබඳව චමරි මෙසේ අදහස් දැක්වූවාය. 

“පසුගිය මාස කීපයේදී අපි පළාත් තරගාවලියට සහ තේරීම් තරගවලට සහභාගි වුණා. නවක ක්‍රීඩිකාවක් එහිදී දස්කම් දැක්වුවා. ඔවුන්ට මෙහිදී අවස්ථාව ලැබී තිබෙනවා”

“තරුණ ක්‍රීඩිකාවන්ට තරග අත්දැකීම් ඉතාමත් අවශ්‍යයි. මෙම සංචිතයේ එක්දින තරග දහයක් ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් කීපදෙනයි ඉන්නේ. ගොඩක් අය තරුණ ක්‍රීඩිකාවන්. නායිකාව හැටියට මට ලොකු වගකීමක් තියෙනවා මෙම තරගාවලිය අවසන් කරන්නේ කොතනද කියලා”

“මට කණ්ඩායමේ සියලුම ක්‍රීඩිකාවන්ගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් අපේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාව ශෂිකලා සිරිවර්ධන, ඒ වගේම උදේෂිකා ප්‍රබෝදනී, ඉනෝකා රණවීර ඔවුන්ගේ ශක්තිය කණ්ඩායම තුළ තිබෙනවා”

“කවීෂා දිල්හාරි සහ උමේෂා තිමේෂිනි යන නවක ක්‍රීඩිකාවන් හොඳින් ක්‍රීඩා කරයි කියලා හිතනවා. ඒ වගේම හර්ෂිතා මාධවී පිළිබඳවත් බලාපොරොත්තුවක් තියෙනවා”

දකුණු අප්‍රිකානු සංචාරය පිළිබඳව ඇය වැඩි දුරටත් මෙසේ පැවසුවාය. 

“විස්සයි20 තරගාවලියෙන් හොඳ ආරම්භයක් අරගෙන තරගයෙන් තරගයට හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. හැම තරගයක්ම වැඳගත්, ශ්‍රේණිගත කිරීම්වල ඉහළට එන්න එක්දින තරග තුන ඉතාමත් වැඳගත්. දකුණු අප්‍රිකාවට එරෙහිව පසුගිය කාළෙ අපි සම සමව වගේ ක්‍රීඩා කළා ඒ වගේම ජයග්‍රහණ ලැබුවා. ඒ මානසිකත්වයත් සමඟයි අපි මේ තරගාවලියට යන්නේ”

ශ්‍රී ලංකා කාන්තා පිලේ ප්‍රධාන පුහුණුකරු හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ 2021 වසර සඳහා කණ්ඩායම ගොඩනැගීම තමන්ගේ ප්‍රධාන ඉලක්කය බවයි. 

“අපිට මෙම තරගාවලියේ එක්දින තරග තුන ශ්‍රේණිගත කිරීම්වලට බලපානවා. ඒ නිසා තරග තුනම ජයග්‍රහණය කරලා ඉදිරියට එන්න බලාපොරොත්තු වෙනවා”

“දස්කම් අනුව තමයි මෙම තරගාවලියට ක්‍රීඩිකාවන් තෝරාගෙන තියෙන්නේ. අපි ඇත්තටම බලන්නේ ඉදිරිය. 2020 විස්සයි20 ලෝක කුසලානය ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වෙනවා. ඒ වගේම 2021 නවසීලන්තයේදී එක්දින ලෝක කුසලානය තිබෙනවා. අපේ උත්සාහය 2021 වන විට මෙම කණ්ඩායම ගොඩනැගීමයි” යැයි හර්ෂ මහතා වැඩි දුරටත් පැවසීය. 

මෙම සංචාරයට විස්සයි20 තරග තුනක් සහ එක්දින තරග තුනක් ඇතුළත් වන අතර එක්දින තරග තුන පමණක් 2021 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට ඇතුළත් වේ. 

විස්සයි20 තරගාවලියේ පෙබරවාරි මස 1 වැනිදා ආරම්භ වේ. එක්දින තරග තුන පෙබරවාරි මස 11, 14 සහ 17 තෙදින පැවැත්වේ. 

kjkj

 

uiui

pop


අදහස් (0)

ප්‍රධානම අවිය දඟ පන්දුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.