Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රභාත් ජයසූරියත් ටෙස්ට් සංචිතයට කැඳවයි

ප්‍රභාත් ජයසූරියත් ටෙස්ට් සංචිතයට කැඳවයි

editorial - 2022 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

 

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයට වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඔහු අද (6 වැනිදා) සිය ශ්‍රී ලංකා සංචිතය සමග එක්වීමට නියමිතය.
 
මේ වන විට පළමු පෙළ තරග 62 කදී කඩුලු 234 ක් දවාගෙන සිටින ප්‍රභාත්, තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගෙන නොමැත. කෙසේ වුවත් එක්දින තරග 2 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ඔහු එම තරග දෙකේදීම කඩුල්ලක් දවාගැනීමට අපොහොසත් වී ඇත.

පළමු පෙළ සීමිත ඕවර තරග 61 කදී කඩුලු 97 ක් දවාගෙන සිටින ප්‍රභාත්, ඊයේ (5 වැනිදා) කළුතර නාගරික ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති පළමු‍ පෙළ සීමිත ඕවර තරගයේදී ලකුණු 17 කට කඩුලු 7 ක් දවාගැනීමටද සමත් විය. එය දේශීය එක්දින තරගයකදී ඔහුගේ හොඳම පන්දු යැවීමද විය.


අදහස් (0)

ප්‍රභාත් ජයසූරියත් ටෙස්ට් සංචිතයට කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.